LNW පුවතට අනුව ජාතික රට හරහා දිවීමේදී හිටපු සූරයන්ටත් ඇගයීමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 17, කොළඹ (LNW): මදකට ඔබ අප වෙබ් අඩිවියේ පහත සැබදියාවට පිවිසෙන්න.


https://sinhala.lankanewsweb.net/03/14/101802/


මාර්තු 14 වන දා මේ අදහස අප ඉදිරිපත් කරන්නේ නුවරඑළියේ පැවත්වෙන ජාතික රට හරහා දිවීමේ තරගාවලිය පදනම් කරගෙනයි.මෙහි දී කඳුකරය පාදක කරගෙන දුර දිවීමේ යෙදුණ,රටට කීර්තියක් ගෙනා,සිය උපන් ප්‍රදේශයේදී ඊට ගෞරවයක් නො’ලද මිනිසුන්ට යම් ගෞරවයක් ලබා දීමේ යුතුකම සහ වගකීම අප පෙන්වා දුන්නේය.ඒ සටහනෙන් ඉනික්බිති දින දෙකකට ආසන්න කාලයක් තුළ ක්‍රියාත්මක වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එසේ මතක ඉතිරි කර ඇති කඳුකරයේ ක්‍රීඩකයන් දෙදෙනෙක් සිය ප්‍රදේශයේ පැවති ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ අවසාන මොහොතට ගෞරවණීය ලෙස සම්බන්ධ කර ගන්නටත්,යම් සුළු ඇගයීමක් දෙන්නටත් මැදිහත් විය.අපි එයට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙන්ම ඔහුට මෙවැනි මාධ්‍ය තොරතුරක් ඔස්සේ ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමේ නිදහස හිමි කර දෙන ක්‍රීඩා අමාත්‍යවරයාට ද,තොරතොරු අනුව ඉක්මණින් ක්‍රියාත්මක වීමට අවශ්‍යය සහය දුන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පිරිසටද ස්තූතිවන්ත වන්නෙමු.


දකුණු ආසියාතික පදක්කම්ලාභියෙක් වූ මෑතක් වන තුරුම ධාවන පථයේ ආගන්තුකයෙක් නොවුණු ලයනල් සමරජීව සහ ආසියාතික මට්ටමේ රට හරහා දිවීමෙන්ම ජයග්‍රාහකයෙක් වූ කේතන් චන්ද්‍රදාස් එම දෙදෙනාය.චන්ද්‍රදාස් තවමත් මීටර් 5000 ඉසව්වේ ජාතික වාර්තාවේ හිමිකාරීත්වය ද දරන්නේය.ලයනල් මෙන්ම චන්ද්‍රදාස් සිය බිරිඳ සහ දරු දෙදෙනාද සමඟ මෙම අවස්ථාවට එකතු වූ අතර ඔවුන්ට එහි සමාප්ත සමාචාර උළෙලේදී ඉහළ පිළිගැනීමක් හිමි විය.


ජාතික මට්ටමෙන්,ජාත්‍යන්තර මට්ටමෙන් රටට කීර්තියක් ගෙනෙන මෙම ක්‍රීඩකයින් ඒ ප්‍රදේශවල මිනිස්සුන්ගේ ඇස ගැටී ඇත්තේ පාරවල්වල් දුවන චරිත හැටියට පමණි.ඔවුන් ගෙන දී ඇති ජයග්‍රහණ මෙන්ම ඒ ජයග්‍රහණ නිසා රටට ගෞරවය ගෙනා,රට ගෞරවය කළ යුතු මිනිසුන් ලෙස ඇගයීමට ලක් වී නැත.මෙවැනි ජාතික මට්ටමේ උළෙලකදී එම ඇගයීම හිමිවීම ක්‍රීඩාවෙන් ගෞරවය හිමි වන පුරවැසියෙක් වීමට හැකිය යන කාරණය සමාජ ගත කිරීමක් වන අතර තවත් පරම්පරාවකට ක්‍රීඩාවට ගෞරවයෙන් පිවිසීමට කරන ආරාධනයක් සහ උත්තේජනයක් ද වන්නේය.ක්‍රීඩාව වෙනුවෙන් ඉතාම සීමිත පැය කිහිපයක දී මේ ආකාරයේ වැඩකට අපේ හෝඩුවාව ඔස්සේ පෙළඹීම සම්බන්ධයෙන් අපි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ස්තූතිවන්ත වන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...