වරාය පරීක්ෂණ අංගනයේ තදබදයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW):මේ වනවිට රේගු වෘත්තිය සමිති  ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග නිසා, වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව,  බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය කියා සිටී.

වරාය බහාලුම් 600 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සිරවී ඇති බව , එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන්  රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පැවසූවේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවතියද, අත්‍යවශ්‍ය සේවා කිහිපයක සේවා කටයුතු සිදුවන බවයි. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය දැනුවත් කළ බවද සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

පසුගිය සිකුරාදා රේගු වෘත්තිය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඒ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමිනි.

මෙම වෘත්තිය  ක්‍රියාමාර්ගයට රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය ඇතුළත් වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...