මැලේසියාවේ මහල් නිවාසයක සිටි ශ්‍රී ලාංකිකයින්ට සිදු වූ දේ,

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී, වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇත.

ඉන් පුද්ගලයින් 158 දෙනෙකුටම මැලේසියාවේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති බව සොයාගෙන ඇත.

මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ‍, අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහුණු ළමුන් තිදෙනෙකු සිටි බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පාකිස්තානය සහ වියට්නාමය යන රටවල පුද්ගලයින් සිටින බව පැවසේ.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සංචාරක වීසා මත එරටට පැමිණ මහල් නිවාස කුලියට ගෙන විවිධ රැකියාවල නිරත වෙමින් සිට ඇති බව වාර්තා වන අතර, ඇතැම් පිරිස් අවුරුද්දකට වැඩි කාලයක් මලයාසියාව තුළ නීතිවිරෝධීව රැඳී සිට විවිධ රැකියාවල නිරත වී ඇති බව එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී ඇත.

මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ, නිසි අවසරයකින් තොරව විදේශිකයින් සඳහා රැකියා ලබාදීම සහ ඔවුන්ට නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...