අප්‍රිකානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් සූරතාවය සිම්බාබ්වේ කණ්ඩායමට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 17, කොළඹ (LNW): අප්‍රිකානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් සූරතාවය දිනා ගන්නට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වුණා.අප්‍රිකානු මහද්වීපයේ කාන්තා මෙන්ම පිරිමි ක්‍රිකට් ආධිපත්‍යයයේද හිමිකරුවන් හැටියට සැළකෙන දකුණු අප්‍රිකාව,මේ තරගාවලියේදී සිය පළමු පෙළ ක්‍රීඩිකාවන් අයිපීඑල් තරගාවලියට මෙන්ම ශ්‍රී ලංකාව සමඟ වන තරගාවලියට ද ඉතුරු කර ගනිමින් අප්‍රිකානු ක්‍රීඩා උළෙල සුළුවෙන් තක්සේරු කළ බවක් පෙනෙන්නට තිබුණා.ඒ නිසා මෙම තරගාවලියේ මූලික වටයේ තරගයකදී ද දකුණු අප්‍රිකානු කණ්ඩායම නැමීබියාව වෙතින් ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගයක් පරාජයට පත් වුණා.
අවසාන තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකම සම ලකුණු (112) ලබමින් සිය ඉණිම් හමාර කරා.ඒ අනුව සුපිරි පන්දු ඕවරයට මුලින්ම පන්දුවට පහර දෙන්නට සිදු වූ දකුණු අප්‍රිකාව පාලනය කරමින් පන්දු යැවූ ෆ්‍රැන්සිස්කා චිපාරේ සිය වගකීම නිවැරදිව ඉටු කරමින් ලකුණු 2 ක් දී කඩුලු 2 ක් දවා ගනිමින් දකුණු අප්‍රිකාව දැඩි අපහසුතාවයකට පත් කළා.පිළිතුරු ඉණිමේදී මේ තරගයේ දී දැක් වූ තුන් ඉරියව් දස්කම් නිසා තරගයේ වීරවරිය මෙන්ම තරගාවලිය පුරා දැක් වූ දස්කම් නිසා තරගාවලියේ වීරවරිය වූ කේලිස් න්ඩ්හ්ලෙව් දෙවන පන්දුවටම හතරේ පහරක් එල්ල කළා.


මොන්ටේ යන අනවර්ථ නාමයෙන් ක්‍රිකට් ලෝකය ඇතුළේ ප්‍රකට කේලීස් අවුරුදු 16 දී මීට වසර දෙකකට පෙර සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලබා ගත් අතර ඇය අවුරුදු 18 දී මේ ආකාරයට සිම්බාබ්වේ කාන්තා කණ්ඩායමට අප්‍රිකානු ක්‍රීඩා උළෙලක ක්‍රිකට් සූරතාවය දිනා දෙන්නට සමත්වීම, අනාගත සිම්බාබ්වේ කාන්තා ක්‍රිකට් ගැන විශාල අවධානයක් යොමු කිරීමට හේතුවක් වෙනවා.ඇය මෙන්ම මේ තරගාවලියේ හොඳම පිතිකාරිණිය වූයේ ද සිම්බාබ්වේ ක්‍රිඩිකාවක්.ඇය කඩුල්ල පිටුපස වගකීම ද දරණ මොඩෙස්ටර් මුපචිකාවා යි.


ඝානාවේ පැවත්වෙන මෙම තරගාවලියේ පිරිමි සූරතාවය සඳහා අද තරගාවලිය ආරම්භ වන අතර පළමු තරගයේදී සිම්බාබ්වේ සහ නැමීබියාව තරග වඳින්නට නියමිතයි.කාන්තා අවසාන තරගයේදි දකුණු අප්‍රිකාවට සූරතාවය අහිමි කරමින් අප්‍රිකානු ක්‍රීඩා උළෙලක කාන්තා ක්‍රිකට් සූරතාවයට සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම හිමිකම් කී පළමු අවස්ථාව හැටියට මේ ජයග්‍රහණය ඉතිහාසයට එකතු වෙනවා.සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම මේ තරගාවලියේ දී රුවන්ඩාව,උගන්ඩාව,නයිජීරියාව සහ කෙන්යාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව සමග අවසාන තරගයට පිවිසෙන්නට සමත් වුණා.


අවසාන තරගයේ ලකුණු සටහනට මෙතනින් පිවිසිය හැකියි.


https://www.espncricinfo.com/series/women-s-african-games-2023-24-1423445/south-africa-women-vs-zimbabwe-women-final-1423474/full-scorecard

කේලීස්

චිපාරේ

මුපචිකාවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...