ශ්‍රී ලංකාව හැම අතින්ම ඉදිරියෙන් සිටි තරගයක් – ජය පරාජයෙන් තොරව නිමා වුණත් ආදවන් වීරයා වෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 23, කොළඹ (LNW): ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මෙහෙයවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර පැවති තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ වැඩි වාසි අත් කර ගත්තද ජයග්‍රහණය සඳහා තිබුණු අවස්ථාවන් සපල කර ගැනීමට නොහැකි විය.එහෙක් ශ්‍රී ලංකාවට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූණා.තරගයේ වීරයා බවට පත් වන්නට ශ්‍රී ලංකාවේ ආදවන් රාජමෝහන්ට හැකි වුණා.
ශ්‍රී ලංකාවේ මුල් අර්ධයේම ගෝල ලබා ගැනීමේ අවස්ථාවන් කිහිපයක්ම ශ්‍රී ලංකාවට උදා වූ අතර ඒ වැඩි අවස්ථාවන් ගණනකදී ඩිලන් ද සිල්වා ප්‍රතිවාදීන්ට එරෙහිව පන්දුව පාලනය කිරීමේ හැකියාව ඉතා හොඳින් ප්‍රදර්ශණය කළා.වසීම් රාසික් සහ ආදවන් රාජ්මෝහන් ද පැපුවා නිව්ගිනියා දැල අසළ මේ ආකාරයටම දක්ෂ ආරක්ෂයන් වූ පැපුවා නිව්ගිණියා පසු පෙළ ක්‍රීඩකයින් සමඟ ඔට්ටු වුණත් අන්තිම මොහොතේ පන්දුව දැල තුළට එල්ල කිරීමේදී සිය ප්‍රහාරය වරද්දා ගත්තා.


මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ නැඟීම සිඳු වී තිබෙන්නේ විදේශගතව සිටින ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩකයන්ගේ නියෝජනයක් කණ්ඩායමේ තිබෙන නිසයි.මේ වන විට ලෝකයේ පහළටම වැටී තිබෙන ශ්‍රී ලංකාවේ පාපන්දුව නැවත ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත තැනකට ගෙන ඒමට මේ මොහොතේ එය සාර්ථක විසඳුමක් බව පිළිගත යුතුයි.එහෙත් ඇතැම් කොටස් මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් තිබෙන බවක් දකින්නට ලැබුණත්,ජය ගැනීම යන්න මේ මොහොතේ මේ පොළවේ පවතින පාපන්දු තාක්ෂණය සහ ශිල්පීය ක්‍රම වඩාත් ප්‍රායෝගික වූ භාවිතාවන්ගෙන් දියුණු කිරීමෙන් මෙපිට සිඳු කිරීමට අපහසුයි.ඒ සඳහා කණ්ඩායම තුළට සංචිතගතව සිටින ක්‍රීඩකයන්ට වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට එකතු වී සිටින ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් වෙනස් ආකාරයේ වෘත්තීය අත්දැකීම රැසක් ලබා ගන්නට ලැබීම අතිශයින් වැදගත් අතර ඊ ළඟ මොහොතේ ඒවා ශ්‍රී ලංකා කණ්ඩායමට සීමා වූ සීමිත පරාසයෙන් බැහැරව ශ්‍රී ලංකාවේ පාපන්දුව කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇත.


ඒ නිසා මේ මොහොතේ තිබෙන පාපන්දුවම ජයග්‍රහණය අපේක්ෂාවෙන් යෙදවීමට නොහැකි නිසා ජයග්‍රහණය වෙනුවෙන් යෙදවීමට ඇත්තේ මේ විදෙස් සම්භවය ඇති ක්‍රිඩකයන්ගේ මැදිහත්වීම සහිත පාපන්දු ක්‍රීඩාව බව ඊයේ තරගය නැරඹූ ඕනෑම කෙනෙකුට පැහැදිළිව දැක ගන්නට හැකියි.මේ මොහොතේ වැදගත් මේ ආකෘතිය විවේචනය නොකර එයට ආශිර්වාද කර එයින් වඩාත් පුළුල් සේවයක් ලබා ගැනීමයි.දොන් නම් දොන් සිමන් නම් සිමන් මිස දොන් සිමන් දෙකම නොහැකි තැනක ශ්‍රී ලංකාවේ පාපන්දුව තිබෙන බව අවබෝධ කර ගෙන මේ වෘත්තීය පාපන්දු ක්‍රිඩකයන් වැඩි පුර දේශීය පාපන්දු කේෂ්ත්‍රයේ ගැටෙන අවස්ථාවන් ඔවුන්ගේ වෘත්තිමය වටිනාකමට නිසි ඇගයීමක් ලඅබෙන සේ නිර්මාණය කර ගැනීම ගැන පාපන්දු පරිපාලනය මෙන්ම ආණ්ඩුවේ ක්‍රීඩා පරිපාලකයෝ ද කල්පනාවට ගත යුතු වෙනවා.


ලෝකයේ පාපන්දු ලෝලී ව්‍යාපාරනාමයන් මෙන්ම එවැනි ලීග් තරගාවලි සංවිධානය කරන ව්‍යාපාරික ප්‍රජාවද ආකර්ශණය කර ගැනීමේ පහසු මාර්ගයක් මේ ශ්‍රී ලාංකේය සම්භවය ඇති ක්‍රීඩකයින් සමඟ ශ්‍රී ලාංකේය පාපන්දුවට ලැබී තිබෙන බව අප විශ්වාස කළ යුතුයි.ඒ සමඟම ශ්‍රී ලංකාවට මේ ක්‍රීඩකයන්ගේ සබඳතාවය තව දුරටත් යොදා ගෙන තවත් විදේශ ක්‍රීඩකයන් ද කැඳවා ඉතා ඉහළ මට්ටමේ වෘත්තිය දක්ෂතා ප්‍රතට කරන පාපන්දු ලීග් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවත්වීමටත් අවස්ථාව උදා කර ගත හැකියි.එ් නිසා ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට ආශිර්වාදයක් කර ගැනීමේ ඉඩ පුළුල් කර ගැනීම මිස ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කිරීම යෝජනා කිරීම ලාංකේය පාපන්දුවට ආදරේ ඇති කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි කඩාකප්පල්කාරී මැදිහත්වීමක් බව අපේ අදහසයි.


මෙහි දේශපාලනික අදහස ගත් විට මේ සිටින්නේ ශ්‍රී ලංකාවේ සමස්ත සමාජ හැඩය විසින් මේ රටට වඩා වෙන රටක් ජීවත්වීමට සුදුසු බවට තීරණය කරන්නට අපේ රටේ දේශපාලන සහ ආර්ථික සමාජ ක්‍රමය විසින් තල්ලු කරන ලද මිනිසුන්ගේ නියෝජනයකි.ඔවුන් ඒ අප විසින් අහිමි කර ගෙන තිබෙන දියුණු බව එක් කේෂ්ත්‍රයකදී හෝ සොයාගෙන නැවත පැමිණ ඇත.මේ හදන්නේ නැවත එම තිළිණය පුහු ලාංකේය කොදෙව් මානසිකත්වයේ සිට ලංකාව යන්න කියවා ගැනීමෙන් දියුණු ලංකාවකට වැටුණු ඇත්ත පාරක් මත බැරියර් හෙළිමට උත්සාහ ගැනීමක්ය.
මේ අහිමිවීම් තවත් ආකාරයකට ගත් විට සමහර විට අන්තවාදී සහ ජාතිවාදී දේශපාලනයේ කුරිරුකම විසින් සෘජු ලාංකේයත්වය වෙනුවට ද්විත්ව පුරවැසිභාවයෙන් ශ්‍රී ලාංකිකයන් වන්නට සිඳූ වූ මිනිසුන් විසින් දෙන දායකත්වයන් මේ පාපන්දු වික්‍රමයේ යම් යම් නියෝජනයන් ගත හැකිය.ඒ නිසා රටක් හැටියට ඒ දේශපාලනයට බලය සමඟ ආශිර්වාදය දුන් බහුතර පුරවැසි ප්‍රජාව නැවතත් තමන්ගේ නොදියුණුකම ප්‍රකට නොකර සිටීම වැදගත්ය. ඉතිහාසය විසින් කරන ලද සවිඥානික හෝ අවිඥානික දේශපාලන වැරද්දකින් අහිමි වූ තමන්ගේකම යළි තමන්ගේ කර ගැනීමට ලැබුණු අවස්ථාව නිවැරදි ලෙස භාර ගැනීම අතිශයින් වැදගත්ය.


ඒ නිසා පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයේ දී අප ශ්‍රී ලංකා පාපන්දුව ඇත්තටම මේ පොළවේ තිබෙන පාපන්දුවට විශාල උඩකින් දුටු බව පැහැදිළි කර ගත යුතු මෙන්ම පිළිගත යුතු කරුණක් ද වෙනවා.එය නැවත බිමට දමනවා ද ඉහළින් තබා ගැනීම සඳහා ඉහළට ඔසවා දුන් මිනිසුන්ගේ දායකත්වය ගන්නවා ද සහ ගන්නේ කෙසේ ද යන්න සළකා බැලීම කරනවාද යන්න තීරණය කිරීම බුද්ධියට සාපේක්ෂයි.ඒ නිසා වෙනස් පටු අදහස් මත සමාජය මත විෂ අතුරන්නට කවුරුන් හෝ උත්සාහ කරන්නේනම් මේ මොහොතේ ඔවුන් ශ්‍රී ලංකාවේ පාපන්දුවට අහිතකර බලපෑම් එල්ල කරන්නන් වන බව අප පිළිගත යුතු වෙනවා.


මාර්තු 25 වන දා භූතානය සමඟ වන තරගයේදී ශ්‍රී ලංකාව මීට වඩා ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉඩ තිබෙන බව පැහැදිළියි.ඇඳ වැටුණු වර්ෂාවෙන් හානි වූ පිටිය සහ ඒ අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන්වලට ලාංකේය සම්භවය සහිත සිරුරු එකවරම ඔරොත්තු නොදීමේ අඩුපාඩුව දකින්නට ලැබුණා.ඒ නිසා පැපුවා නිව්ගිනියා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද කෙණ්ඩ පෙරලීම්වලට නිතර ලක් වෙනු දකින්නට ලැබුණා. ඊට පෙර තරගාවලිය අරඹමින් පැවති තරගයේදී මේ කණ්ඩායම් තුනටම වඩා ජාත්‍යන්තර වශයෙන් ඉදිරියෙන් සිටින මධ්‍යම අප්‍රිකානු කණ්ඩායම භූතානය ගෝල 6- 0 න් පරාජය කරන්නට සමත් වුණා.25 වන දා රාත්‍රි 8.45 ට ශ්‍රී ලංකාව සහ භූතානය හමුවීමට ප්‍රථම මධ්‍යම අප්‍රිකාව සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් හමුවීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...