කතරගම දෙවියන්ගේ රන් තැටිය ඉස්සූ කපුවෝ කපෝති !

Date:

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පූජා කර තිබුණු පවුම් 38ක් බර රත්‍රන් තැටියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කපුවන් දෙදෙනාගේ කපු ධුරය අත්හිටුවීමට එම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් පියවර ගෙන තිබේ.

විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) දිනයේ සිට රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ සොමිපාල රත්නායක සහ තවත් කපුවෙකු වූ සමන් ප්‍රියන්ත යන අයගේ කපු ධුරයන් තාවකාලික අත්හිටවූ බවයි බස්නායක නිළමේවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනාට රුහුණු මහා කතරගම දේවාල මාළිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සෘජුව හෝ වක්‍රව හෝ අන්‍යාකාරයකින් සිදුකිරීම සහ ඊට සම්බන්ධ වීම තහනම් කර ඇත.

මෙම රන් තැටිය 2019 වසරේදී අංගොඩ ලොක්කා නම් පාතාල නායකයාගේ බිරිඳ විසින් දේවාලයට පූජා කර තිබුණු අතර පසුව එය අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...