බංගලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අලුත් මුහුණක්.

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 19, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් කැඳවන්නට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර ඇත.පළමු වරට නිශාන් ජාතික සංචිතයට කැඳවන අවස්ථාව මෙය වන අතර ඔහු සමඟ මෙම සංචිතයේ ප්‍රභාත් ජයසූරිය,රමේෂ් මෙණ්ඩිස් සහ වනිඳු හසරංග යන දග පන්දු යවන්නන් ද ඇත.ඊට අමතරව දඟ පන්දු යැවීමේ හැකියාව ඇති කමිඳු මෙණ්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ද මේ සංචිතයට ඇතුළත් කර තිබේ.


වනිඳු හසරංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද,යළිත් බංගලාදේශ සංචාරයේදී කණ්ඩායම සමඟ එක් වී ටෙස්ට් තරග සඳමා සහභාගි වීමට කැමත්ත ප්‍රකාශ කර ඇත.


එක්දින තරගාවලිය නියෝජනය කර බංගලාදේශයේ රැදී සිටින ක්‍රීඩකයින් අතරින් ටෙස්ට් තරගාවලිය සඳහා එකතු වන්නේ කුසල් මෙණ්ඩිස්,සදීර සමරවික්‍රම,කමිඳු මෙණ්ඩිස්,වනිදු හසරංග දහ ලහිරු කුමාර පමණි.17 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට අලුතෙන් එකතු වෙන පිරිස 12 කි.නායක ධනංජය ද සිල්වා,දිමුත් කරුණාරත්න,ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,නිශාන් මධුශ්ක,ලහිරු උදාර,ප්‍රභාත් ජයසූරිය,රමේෂ් මෙණ්ඩිස්,නිශාන් පීරිස්,කසුන් රාජිත,විශ්ව ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර ටෙස්ට් තරග සඳහා සහභාගි වීමට අලුතෙන් බංගලාදේශයට යන පිරිසට ඇතුළත් වෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...