කෝප් කමිටුව පෝක් වෙන ලකුණු – තවත් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි !

0
756

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉල්ලා අස්වී තිබේ.

ඒ, රෝහිත අබේගුණවර්ධන මහතාව එම කමිටුවේ සභාපති ධුරයට පත්කිරීමට විරෝධය පළ කරමිනි.

කෝප් කමිටුවෙන් ඊයේ (18) දිනයේදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස්වූ අතර අද (19) දිනයේදී චරිත හේරත්, දයාසිරි ජයසේකර සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් ද ඉල්ලා අස්වී තිබිණි.

RN