යුක්තියේ කුළුණු පහක් ප්‍රකාශයට පත් කරමින් ගාන්ධි පා ගමනේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මැතිවරණයට සමගාමිව සාම්ප්‍රදායිකව පීඩිත සහ කොන් කරන ලද ප්‍රජාවන්ගේ කිසිදා නොඇසෙන හඬට සවන් දෙමින් විවිධ ප්‍රජාවන්ට අයත්, බොහෝ ඉන්දියානුවන් හමුවෙමින් බිම සිටින මිනිසුන්ගේ හඬ අසා ඔවුන්ට නැගිටීමට අවස්ථාවක් ලබා දීමේ අටියෙන් ඉන්දීය විපක්ෂ නායක රාහුල ගාන්ධි ඉන්දියාව පුරා පා ගමන් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

මෙම පා ගමන ‘සමගිය සහ යුක්තිය’ පිළිබඳ පණිවිඩ රැගෙන ‘එක්සත් ඉන්දීය පා ගමන’ නමින් සංවිධානය කර තිබු අතර ඉන්දියාවේ නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 6,600 (සැතපුම් 4,100) පාගමනින ගිය ඔහු යුක්තියේ කුළුණු පහක් ප්‍රකාශයට පත් කරණු ලැබිය.

එනම්, කාන්තාවන්, තරුණයින්, ගොවීන්, කම්කරුවන් වෙනුවෙන් සාධාරණ සමාජයක් ගොඩනැගීමට හෙතෙම මෙහිදී සිය අදහස් දක්වන ලදී. පාගමන අතරතුර, දරිද්‍රතා රේඛාවට පහළින් සිටින සෑම කාන්තාවක් සඳහාම රුපියල් ලක්ෂයක (ඩොලර් 1,200) වාර්ෂික ගෙවීමක් සහ දුප්පත් පවුල් සඳහා මධ්‍යම රජයේ රැකියා සඳහා සියලුම නව බඳවා ගැනීම් සඳහා සියයට 50 ක වෙන් කිරීමක් ඔහු නිවේදනය කළේය.

පසුගිය ජනවාරි 15දා හින්දු Meitei බහුතරය සහ ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානි කුකී-සෝ අතර ආතතීන් සිය ගණනක් මරා දමා ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් ගැටුම්වලින් විනාශ වූ ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ගමන් ගත් රාහුල ගාන්ධි කලාපයට සාමය ගෙන එන බවට පොරොන්දු වී තිබිණි. අනතුරුව මනිපූර් සිට බටහිර දෙසට ගමන් කරමින් ගාන්ධි මාර්තු 16 වන දින මුම්බායි හි සිය පා ගමන අවසන් කරනු ලැබිය.

පසුගිය ඉරිදා දින(17) ඉන්දියාවේ මැතිවරණ කොමිසම ලොව විශාලතම ඡන්දය සඳහා දින ප්‍රකාශයට පත් කළ අතර එය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී ජූනි 4 වැනිදා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අවසන් වන අදියර හතකින් යුත් මැතිවරණයක් වන අතර එහිදී බිලියනයකට ආසන්න ඉන්දියානුවන් ඔවුන්ගේ මීළඟ ආන්ඩුව තෝරා පත් කර ගනු ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයන් සඳහන් කරන්නේ පාලක ආන්ඩුවට එරෙහි ජාතික රැල්ලක් බවට පත් කිරීමට නම් ආධාර කරුවන්ට වඩා වැඩි ජන්ද අවශ්‍ය වන බවයි. 2019 අවසන් ජාතික මැතිවරණයේදී ගාන්ධි ආසන 52 ක් දිනා ගන්නා විට භාරතීය ජනතා පක්ෂය ආසන 303ක් සමඟින් අතිවිශාල බහුතරයක් දිනා ගැනීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...