බැසිල් අද ඉන්දියාවට ? – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

0
843

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවලට අනුව රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

මේ වනවිට ඉන්දියාව එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලට අමතරව තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති අතර ඊට අදාල සාකච්ඡා පැවැත්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේ අරමුණයි. මේ පිළිබඳව මීට පෙර රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සමග අන්තර්ජාලය හරහා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව, ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරගත නොහැකි තත්වයට පත්ව ඇති අතර ඉන්දියාව, චීනය, බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයකින් පසුගිය කාලයේදී ණය සහ විනිමය හුවමාරු පහසුකම් ලබාගෙන තිබිණි.

ඩොලර් බිලියනයක ණය මුදලක් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන්නේද ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහායි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here