සජිත් ජනතාව සමග ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න තීරණය කරයි

0
1383

සමගි ජන බලවේගයේ මෙහෙයවීමෙන් අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවය සඳහා පැමිණෙ ලක්ෂ ගණන් ජනතාව සමග ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා. ප්‍රේමදාස මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව අද පෙරවරුවේ මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව කොළඹට පැමිණෙන ජනතාව ස්ථාන දෙකකට රැස් කර පැති දෙකකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමටයි සමගි ජන බලවේගය තීරණය කර තිබෙන්නේ.

එක් පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට ආරම්භ වන අතර අනෙක් පා ගමන විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here