දෙමළ සන්ධානය සමග සාකච්ඡාව ජනපති අවසන් මොහොතේදී යළිත් අවලංගු කරයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබිණි. ඊයේ රාත්‍රී වනවිටත් මෙම සාකච්ඡාව නියමිත පරිදි පැවැත්වීමට සූදානම්ව සිටි නමුත් අවසන් මොහොතේදී එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා.

මෙම හදිසි තීරණයට හේතු වී තිබෙන්නේ සමගි ජන බලවේගයේ සංවිධානයෙන් අද කොළඹදී පැවැත්වෙන දැවැන්ත විරෝධතාවයයි. මෙම විරෝධතාවය සඳහා දැනටමත් සජබ පාක්ෂිකයන් රැගත් බස්රථ 2000 කට ආසන්න ප්‍රමාණයක් කොළඹට ලඟා වී තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙමළ සන්ධානය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මීට පෙර අවස්ථා දෙකකදීද විවිධ හේතු නිසා කල්දැමීමට සිදු විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...