ආණ්ඩුවේ යාන්ත්‍රණය ඇණහිටලා, රට බරපතල අවදානමක – රනිල්

0
955

මුහුණ දී ඇති අර්බුදයෙන් රට ගලවා ගැනීමට දේශපාලනඥයන්ට වැඩපිළිවෙලක් තිබෙන බවට ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා වත්මන් ආණ්ඩුව අලුත් ගමනක් යනු ඇතැයි ජනතාව තබාගෙන තිබූ බලාපොරොත්තු දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. එජාප ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මේ වනවිට ආණ්ඩුවේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳවැටී ඇති බවත් ඉතිහාසයේ කිසිදු කලෙක රට සම්බන්ධයෙන් එවැනි අනතුරක් නොතිබූ බවත් ඔහු සඳහන් කරනවා. අවම වශයෙන් දෙවැනි ලෝක යුද සමයේදී හෝ රට මෙවැනි බරපතල කඩාවැටීමකට ලක්ව තිබූ බවට වාර්තා නොවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here