මොස්කව්හි ප්‍රසංග ශාලාවට ප්‍රහරයක් : 60 දෙනෙක් මිය ගොස් 145කට තුවාල

0
277

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මොස්කව් නගරයට නුදුරින් පිහිටි ක්‍රොකස් සිටි ශාලාවට තුවක්කු කරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් 145කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු බුද්ධි අංශ පවසයි.

ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ISIL (ISIS) භාරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රුසියාව අදහස් දක්වා නොමැත.

රුසියානු ජාතික ආරක්ෂකයින් තුවක්කුකරුවන් සොයමින් සිටින අතර ස්වයංක්‍රීය ආයුධ සහිත සැඟවුණු තුවක්කුකරුවන් පස් දෙනෙකු කඩා වැදී, සමූහයා වෙත වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැර තිබේ.

ධවල මන්දිරය පවසන්නේ තත්ත්වය පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා කටයුතු කරන බවත්, යුක්රේනය ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.