*
Monday, September 23, 2024
spot_img

Latest Posts

SLIM සන්නාම විශිෂ්ටතා 2021 ස්වර්ණ සම්මානයෙන් La Vivente පුද ලබයි

“වසරේ විශිෂ්ටතම දේශීය සන්නාමය“ සඳහා වන ස්වර්ණ සම්මානය (SME කාණ්ඩයේ) සහ “හොඳම නව සන්නාම පිවිසුම“ සඳහා වූ ලෝකඩ සම්මානය දිනාගැනීමට මෙරට ප්‍රමුඛ විලාසිතා සන්නාමයක් ලෙස නැගී එන La Vivente පසුගියදා සමත් වුණා. ඒ පෙබරවාරි 9 වෙනිදා ග්‍රෑන්ඩ් මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවති SLIM සන්නාම විශිෂ්ටතා 2021 සම්මාන ප්‍රදානෝත්සවයේදීය. සිය පළමු සහභාගිත්වයෙන්ම SLIM සම්මාන ද්විත්වයක් හිමිකරගැනීමට සමත් වූ ප්‍රථම කාන්තා විලාසිතා සන්නාමය ලෙසත් La Vivente වාර්තා අතරට එක් වේ.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ආයතනික සහ වෙළඳ සන්නාමවල විශිෂ්ට කාර්ය සාධනය, කැපවීම, පාරිභෝගිකයා මූලික කරගත් නවෝත්පාදනය සහ නව්‍ය වෙළඳපල ප්‍රවේශ යන අංශ තුලින් ආයතන සහ සන්නාම ඇගයීමට ලක් කෙරේ.

Dilchand පුද්ගලික සමාගම යටතේ එළිදැක්වූ La Vivente සන්නාමය, ගෙවුනු පසුගිය වසර 2 තුළ ඉතා මැනවින් වෙළඳපල තුල සිය ස්ථාවරත්වය ගොඩනඟාගැනීමට සමත්වී තිබේ. විවිධ වයස් කාණ්ඩ සඳහා උසස් තත්ත්වයේ කාන්තා ඇඳුම් මාලාවක් සුවපහසු සහ දැරිය හැකි මිලකට ලබාදීම La Vivente සන්නාමය ශ්‍රී ලාංකේය කාන්තාවන් අතර ශීග්‍ර ලෙස ප්‍රචලිතවීමට හේතු වී ඇත. සියලු සමාජ හා ජීවන තත්ත්‍වයන්ට ගැලපෙන සේ, නව්‍ය ප්‍රවණතා හා විලාසිතා සමඟින් අගය එකතු කිරීම් කළ La Vivente නිෂ්පාදන කාන්තා ආකර්ශනය දිනාගැනීමට සමත්ව තිබීම කැපී පෙනෙයි.

කොවිඩ් වසංගත සමයේ දී වෙළඳපල තුල පැවති හිඩැස මැනවින් හඳුනාගනිමින් කාලෝචිතව ගනු ලැබූ ක්‍රමෝපායන් හේතුවෙන් La Vivente සන්නාමය සුවිශේෂී වෙළඳපල ජයග්‍රහන රැසක් හිමකර ගැනීමට සමත් විය. SLIM සම්මාන උළෙලේ දී ලැබූ මෙම ඉහළම ජයග්‍රහන මඟින් දුෂ්කර කාලසීමාවක දී සීමාවීම් සහ අභියෝග මැද La Vivente සන්නාමය ලද අද්විතීයත්වය පිළිඹිබු වේ.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය මත පදනම්ව ක්‍රියාත්මක නිමිඇඳුම් වෙළඳපොලේ විප්ලවීය වෙනසක් ඇති කරමින් La Vivente කාන්තාවන් සඳහා වඩාත් හොඳ අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීමක් හඳුන්වා දී තිබේ. කඩිනමින් සහ ආරක්ෂිතව සිය ඇණවුම් නිවසටම ප්‍රවාහනය කෙරෙන බවට වන සහතික La Vivente සිය පාරිභෝගිකයින් වෙත ලබා දී ඇත. වසංගතය ආරම්භයේ දී රට සම්පූර්ණ අගුලු දැමීම ක්‍රියාත්මක වූ කාලයේ දී පවා කාන්තා ඇඟලුම් අවශ්‍යතා සපුරාලීමට අන් සියලු සන්නාම පරයමින් හැකිවීම පිළිබඳ La Vivente ආඩම්බර වේ.

අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීමට අමතරව, පුහුණුව ලත් සුහදශීලී කාර්ය මණ්ඩල සහිතව ගාල්ල, බත්තරමුල්ල සහ මීගමුවේ පිහිටි La Vivente අලෙවිසැල් මගින් ද පාරිභෝගිකයින්ට සජීව සාප්පු සවාරි අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් La Vivente සම- නිර්මාතෘ හා අධ්‍යක්ෂ ආචාර්ය දිලේෂා පෙරේරා පැවසුවේ, “විශේෂයෙන්ම සමාගම් සහ සන්නාමවලට පැවැත්මට සහ දියුණුව සඳහා ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් අවශ්‍යම වූ ගෙවුනු වසර සඳහා SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අපට ගෞරවයක්. මෙම සම්මානය දුෂ්කරතා මධ්‍යයේ අඛණ්ඩ නවෝත්පාදනයන් සඳහා වූ අපගේ කැපවීම සහ සමස්ත La Vivente කණ්ඩායමේ වෙහෙසකර උත්සාහයන් වල විටිනාකම පිළිබිඹු කරයි.”

ඇය තවදුරටත් ප්‍රකාශ කළේ, “La Vivente එහි අර්ථය වන ‘ජීවත්වීම’යන්න සේම, සේවයේ නිරත කාන්තාවන් ප්‍රීතිමත් සහ තෘප්තිමත් ජීවිතයක් සඳහා සවිබල ගැන්වීම, ඔවුන්ට යහපත් වැටුපක් සහ වඩා හොඳ සේවා පරිසරයක් සහතික කිරීමට කැපවීම සිය සන්නාමයේ අරමුණ බවයි. La Vivente වෙතින් මිලදී ගන්නා සෑම නිර්මාණයක්ම අපගේ සන්නාමයේ නිර්වචනයට සාරය සහ අර්ථය එක් කරමින් දේශීය කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීම සඳහා සෘජුවම දායක වේ. La Vivente මේ දක්වා පැමිණි ගමන්මග අසමසම කිරීමට දායක වූ ගනුදෙනුකරුවන්ට සැබවින්ම ස්තූතිවන්ත වෙමු යැයි ආචාර්ය දිලේෂා පෙරේරා වැඩිදුරටත් පැවසීය.

ඡායාරූපය: La Vivente සම-නිර්මාතෘ හා අධ්‍යක්ෂ ආචාර්ය දිලේෂා පෙරේරා හා සුනෙත් කෝරාළ සමග La Vivente සේවක මඩුල්ල SLIM සම්මානය ලබාගනිමින්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan