චීන රාජ්‍ය මණ්ඩලයෙන් Yangtze ගඟේ දස වසරක මත්ස්‍ය තහනමක් පණවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යැංසි ගංගා (Yangtze River) ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස , ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම කාර්යාලය මගින් නිකුත් කෙරුණු ලේඛනයක දැක්වෙන්නේ, මෙය චීනයේ මවු ගංගාව ලෙස සැලකෙන යැංසි නදියේ ජීව ශක්තිය යළි ගොඩනැගීම සඳහා වන වැදගත් ක්‍රියාමාර්ගයක් වන බවයි. .

අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු මෙම මත්ස්‍ය තහනමට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බව ද දැනුම් දී ඇත.

මෙහිදී සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතුවල මෙන්ම නීතිමය යාන්ත්‍රණයන් හි මනා ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කෙරෙන අතර, යැංසි ගංගාව ආශ්‍රිතව වෙසෙන, දුර්ලභ සහ වඳ වී යාමේ අවදානමට ලක් ව සිටින ජීව විශේෂ සංරක්ෂණය, සත්ත්ව වාසස්ථාන වැඩිදියුණු කිරීම මෙන්ම පාරිසරික තත්ත්ව වැඩිදියුණු කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද මෙම මාර්ගෝපදේශ මාලාවෙන් ඉල්ලීමක් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...

කැලිෆෝනියාවටම තරුවක් වූ Diane Ladd අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තෙවතාවක් ඇකඩමි සම්මාන...

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...