එක්සත් ජාතීන්ගේ භයානක හෙළිදරව්ව! (Video)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී ඇත්තේ , ගෝලීය ජනගහනයෙන් බිලියන 2.2ක් දරුණු ජල හිඟයකට මුහුණ දී සිටින බවයි. එක්සත් ජාතීන් අවධාරණය කරන්නේ, ජල හිඟය ලොව පුරා ගැටුම් උත්සන්න වීමට ද හේතුවක් විය හැකි බවයි.

බිලියන 3.5ක පිරිසකට ආරක්ෂිත සනීපාරක්ෂණ පහසුකම් සපයා ගැනීමේ හැකියාව ද නොමැති බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.

කාන්තාවන්ට සහ ළමයින් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන්නේ, බිලියන ගණනකට බලපා ඇති ජල හිඟයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

ගෝලීය ජල හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අප්‍රිකානු කලාපීය රටවලට බවත්, ඒ අනුව අප්‍රිකානු රාජ්‍යයන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටින බව වාර්තා වේ.

ලොව රටවල් 153ක් ජල සම්පත් හවුලේ පරිභෝජනය කරන බව විදෙස් වාර්තා පවසන අතර, සහයෝගයෙන් ජල සම්පත් පරිභෝජනයට ගිවිසුම් ගත වි ඇත්තේ රටවල් 24ක් පමණක් බව දැක්වේ. පවතින තත්ත්වය හමුවේ ලොව පුරා ගැටුම් තීව්‍ර විමේ අවදානමක් ද පවතින බව එක්සත් ජාතීන් අනතුරු අඟවා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ!

කොළඹ LNW:සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද...

නෙතන්යාහුගේ කාරුණික ඉල්ලීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර...

යෝෂිත හා මිත්තණියට එරෙහි නඩුව කල් යයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද...

Steve Witkoff ලබන සතියේ රුසියාවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය පිළිබඳ...