මොස්කව්හි ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට (update)

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මොස්කව්හි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට ස්වයංක්‍රිය ගිනි අවි රැගත් තුවක්කුකරුවන් සිවු දෙනෙක් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ISIL (ISIS) භාරගෙන ඇති අතර ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනාගෙන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රුසියානු FSB ෆෙඩරල් ආරක්ෂක අංශය සඳහන් කර තිබේ. FSB ෆෙඩරල් ආරක්ෂක අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මොස්කව් ක්‍රොකස් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් යුක්රේන දේශසීමාව හරහා පැමිණෙන්නට ඇති බවත්, ඊට අවශ්‍ය සහය ඔවුන්ට යුක්රේනයෙන් ලැබී ඇති බවත්ය.

කෙසේ නමුත් ක්‍රේම්ලනය වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ධවල මන්දිරය පවසන්නේ තත්ත්වය පිළිබඳ වැඩිදුර සොයා බැලීම සිදුකරන බවත් මේ වෙනුවෙන් යුක්රේනයේ කිසිදු මැදිහත්වීමක් නොවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...