*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් වෙළද කලාප වලට විදුලිය කප්පාදුවක් නැහැ – විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

මේ වනවිට දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදුව, මෙරට ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලනු ලබන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා සදහා මින් ඉදිරියට සිදු නොකෙරෙන බව, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි ‍

ඊයේ පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී රාජ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා, ආයෝජන මණ්ඩල සභාපති රාජා එදිරිසූරිය මහතා, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මිය ඇතුළු ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී විදුලිබල අමාත්‍යවරිය මේ බව පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ පවතින වෙළද කලාප 14 ක් පමණ පවතින බවත්, දෛනිකව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් එම කර්මාන්ත ශාලා බෝහෝමයක මේ වනවිට වැඩකටයුතු අඩාලව ඇති බවත්, ඒ හේතුවෙන් ආයෝජකයන්ගේ පැමිණීමද අඩාලවන ලකුණු පහළවී ඇති බවත්, විදුලිබල අමාත්‍යතුමිය හමුවූ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කළහ‍.

මෙසේ ආයේජකයන් මෙරටට පැමිණීම සහ රට තුළ ආයෝජනය අත්හිටවුවහොත්, වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබියයුතු ඇමරිකානු ඩොලර් බිලියන ලක්ෂ 08 ක පමණ අපනයන ආදායමක් රටට අහිමිවී යා හැකි බවද අවධාරණය කළහ. එමෙන්ම මේ ආකාරයෙන් දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවුවහොත්, ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් කර්මාන්ත ශාලා වැසීයාමෙන්, දේශීය ශ්‍රමිකයන් ලක්ෂ 05 කට පමණ සෘජු රැකියා අහිමිවීමේ අවධානමක්ද පවතින බව ඔවුන් වැඩිදුරටත් විෂයබාර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත කරුණු පැහැදිලි කළහ.

මෙම කරුණු සියල්ල සම්බන්ධයෙන් සලකා බැලූ විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රට තුළ පවතින වියළි කාලගුණික තත්ත්වය සහ ඉන්ධන හිගය හේතුවෙන් මේ වනවිට සිදුකරණු ලබන විදුලි කප්පාදුව, මින් ඉදිරියට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් වෙළද කළාප තුළ ස්ථාපිත කර්මාන්ත ශාලා සදහා සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය වෙත උපදෙස් දී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan