චීනය එක්සත් රාජධානියට සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරමින් චීනය වෙස්ට්මිනිස්ටර් හි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට(25)දිනයේදී නියෝජ්‍ය අගමැති ඔලිවර් ඩව්ඩන විසින් ප්‍රහාර පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ජ්ජාවට ශ්‍රීමත් ඉයන් ඩන්කන් ස්මිත්, හිටපු ටෝරි අධ්‍යාපන අමාත්‍ය ටිම් ලෝටන්, ලිවර්පූල් හි හරස් විනිසුරු ලෝඩ් ඇල්ටන් සහ ස්කොට්ලන්ත ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටුවර්ට් මැක්ඩොනල්ඩ්, පාර්ලිමේන්තුවේ ආරක්ෂක අධ්‍යක්ෂ ඇලිසන් ගයිල්ස් කැඳවා තිබේ.

මිට අමතරව විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් ද චීනය සහ ආරක්ෂාව යන මාතෘකාව සාකච්ඡා කිරීමට ඉඩ ඇති බවයි සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇති අතර Commons බුද්ධි හා ආරක්ෂක කමිටුවේ (ISC) වාර්තාවකට අනුව අනාවරණය වී තිබුණේ, චීනය ප්‍රබල හා ආක්‍රමණශීලි ලෙස එක්සත් රාජධානියේ ආර්ථිකයේ සෑම අංශයකටම සාර්ථක ලෙස විනිවිද යාමට සමත්ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...