අපි දැනටත් දිනලා ඉවරයි. ඒත් 113 ආණ්ඩුවකින් වැඩක් නෑ, අපට ඕනෙ දෙයක් කරන්න පුළුවන් තරමේ බලයක් ඕනෑ – ටිල්වින්

Date:

ජාතික ජන බලවේගය දැනටමත් ජයග්‍රහණය තහවුරු කරගෙන අවසන් නමුත් මන්ත්‍රීවරුන් 113කගේ ආණ්ඩුවක් පමණක් තමන්ට ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා අති විශාල පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැඟිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“අපට තියෙනවා ජාතික පුනර්ජීවන සටනක්. අපට තියෙනවා ජාතික නිදහස් සටනක්. අපට තියෙනවා විනාශ කරපු සමාජයක් යළි ගොඩනැඟීමේ සටනක්. ඒක දේශපාලන පක්ෂයකට තනියම කරන්න බෑ, ඒකට මහා දැවැන්ත මහජන ව්‍යාපාරයක් ඕනෙ. මාලිමාව කියන්නෙ මොකක්ද, අපේ ජනතාව එක තැනකට එකතු කරපු මහා දැවැන්තම මහජන ව්‍යාපාරය. අපි ඒක හදලා තියෙනවා. ඒක තව ශක්තිමත් කරගන්න ඕනෙ. අපට තව මාස හයක් විතර කාලයක් තියෙනවා, කලබල වෙන්න දේකුත් නෑ. දැනුත් අපි දිනලා ඉන්නෙ. මං ඒක කියන්නම්, දැනුත් අපි දිනලා තියෙන්නෙ. හැබැයි අපි හිතනවා අපි බලාපොරොත්තු වෙන මහා දැවැන්ත සමාජ වෙනස කරනවා නම් යන්තම් හෙල්ලෙන ආණ්ඩු හදලා වැඩක් නෑ. 113 ආණ්ඩු හදලා වැඩක් නෑ. අපට එහෙම නම් ශක්තිමත් බලයක් තියෙන්න ඕනෙ. ඕනෙ දෙයක් කරන්න පුළුවන් ශක්තිමත් බලයක් අපට තියෙන්න ඕනෙ. ඒගොල්ලො ශක්තිමත් බලයක් ගත්තා රට විනාශ කරන්න, අපි ශක්තිමත් බලයක් ගන්න ඕනෙ මේ රට ගොඩනඟන්න. ඒ නිසා අපි කවුරුත් එකතුවෙලා සතුරන්ට පරද්දන්න බැරි, කුමන්ත්‍රණවලින් හොල්ලන්න බැරි මහා දැවැන්ත ජනතා බලයක් තියෙන ලංකාවේ හදන එකම, ප්‍රථම, මහජනතාවගේ ආණ්ඩුව ඔබ අපි එකතුවෙලා නිර්මාණය කරන්න ඕනෙ”

ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...