ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් 127 වැනි ශාඛාව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී විවෘත කෙරේ !

Date:

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය සහිතව ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 127 වැනි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව අද (25) රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනේදී විවෘත කෙරිණි.

ඒ, ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ සබරගමු පලාතේ උප ප්‍රධාන සංඝනායක හිරමඩලගම ගල්ලෙනගොඩ රජමහා විහාරය,ශ්‍රී පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය,පන්නිල ශ්‍රී විවෙිකාරාම විහාරත්‍රයාධිපති, රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතන පරිවේණාධ්‍යක්ෂ, ශ්‍රී පාදස්‍ථ⁣ානයේ හිටපු භාරකාර, ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මදින්න ශාස්ත්‍රවේදී පූජ්‍ය දම්පහල සීලානන්ද නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අයිටී කැම්පස් ශාඛාවේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 850 ක් වේ.

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යනු ලබන ඩීපී එඩියුකේෂන් වැඩසටහනට අනුබද්ධ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. සම්පූර්ණයෙන්ම රැකියා ඉලක්කගත පාඨමාලාවක් වශයෙන් මෙය හදාරණ තරුණ තරුණියන්ට තම ගම් ප්‍රදේශයේදීම තොරතුරු තාක්ෂණ රැකියාවල නිරත වීම සඳහා අවස්ථාව ලැබේ.

මේ වනවිට දිවයින පුරා විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127ක විවෘත කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සමස්ත සිසු සිසුවියන් සංඛ්‍යාව 115,000 කි. එමෙන්ම මෙම පරිගණක භාෂා පාඨමාලාව ඔන්ලයින් ක්‍රමයට හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 120,000 කි. ඒ අනුව මේ වනවිට සමස්ත සිසු සිසුවියෝ 235,000 ක් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ පරිගණක භාෂා පාඨමාලාව හදාරමින් සිටිති.

අනාගතයේදී ඉහළ වැටුප් ලබන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා ඔබේ දරුවාටත් මඟ විවර කරදීමට අදම ඔබේ දරුවාත් dpcode.lk ඔස්සේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන හා සම්බන්ධ කරවන්න.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...