ලබන සඳුදා චීනයේ සිට මෙරටට ලොකු ළුෑණු නැවක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): ලබන සඳුදා වනවිට , ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

ඊට අමතරව තවත් ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

නිහාල් සෙනෙවිරත්න මහතා පැවසූවේ, ජනතාවට ලොකු ළුෑණු හිඟයකින් තොරව ලබා ගත හැකි බවත්, ගෙන එනු ලබන ළුෑණු රු. 375 – 400 තොග මිලකට අළෙවි කිරීමට බලපොරොත්තු  වන බව ද ඔහු කියා සිටී.

මෙරට වෙළෙඳපොළේ ලොකු ළූණුවල හිඟයක් මතුව ඇත්තේ, ඉන්දියාව සහ පාකිස්ථානය ළුෑණු අපනයනය නතර කිරීම හේතුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...