තවත් ඝාතන තැතක් ගැන කඩිනම් පරීක්ෂණ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කඩිනම් විමර්ශන සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබෙන බව සඳහන් වේ. ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අමාත්‍යවරයා පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් ලබාදී තිබෙන්නේ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට T 81 ග්‍රෙෙන්ට් දුරවිදිනයක් යොදා ගනිමින් නාදුනන තුවක්කු කරුවෙකු එල්ල කරන ලද ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසයි.

ඔත්තුකරුවෙකු විසින් යොමුකරන ලද ලිපියකට අනුව මෙම  ඝාතන උත්සායට අදාළ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව තොරතුරු ලැබී ඇති බව පැවසේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ, මේ සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මහේත්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට සූදානම් වන පුද්ගලයා ලෙස සැකකෙරෙන තැනැත්තෙකු,  තවත් පුද්ගලයෙකුගෙන් ගිනි අවියක් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර අදාළ ගිනි අවිය ඔහු ලබා ගන්නේ තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට බවද එම පුද්ගලයා සදහන් කර තිබෙන බවද වාර්තා වේ.

තිළිණ ගමගේ මහතා පසුගිය දිනවල ලබාදුන් අධිකරණ තීන්දු මේ සදහා හේතුවී ඇති බවට වාර්තා වන අතර, එවැනි ඝාතනයක් සිදු වුවහොත් නීතිය හා සාමය අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා එක්ව ගෙන යන යුක්තිය මෙහෙයුමට දැඩි පහරක් එල්ලවන බවත් ඒ තුළින් අදාළ මෙහෙයුම අඩාල කර අපකීර්තියට ලක්කිරීම මෙහි තවත් අරමුණක් බවත් ඔත්තුකරු විසින් සදහන් කර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!