දඬුවමට එරෙහිව ප්‍රසන්න රණතුංගගේ අභියාචනා පෙත්සම විභාගයට දින නියම කෙරේ

Date:

බස්නාහිර පළාත් මහ ඇමතිවරයා වශයෙන් සිටි සමයේදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටු කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවලට මහාධිකරණය හමුවේ වරදකරුවී අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම වී සිටින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව ගොනුකර ඇති අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

ඒ, එම පෙත්සම ඩී. එන්. සමරකෝන් මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව අභියාචනා පෙත්සම අප්‍රේල් 30 වනදා සහ මැයි 03 වනදා විභාගයට ගැනීමටයි විනිසුරු මඬුල්ල නියම කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝපා සභාපති පුටුවට රවී ??

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය සඳහා...

චිචීගේ රොකට් එකට රජයේ මුදල් යොදවා නෑ. එයින් රටට වාර්ෂිකව කෝටි සිය ගණනින් ආදායම් ලැබිලා – අගමැති හරිනි

චිචීගේ රොකට් එක නමින් ප්‍රසිද්ධියට පත්වූ සුප්‍රීම් සැට් සන්නිවේදන...

චීන ගිම්හාන සමය උණුසුම් කළ සිනමාපටය!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන...

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර...