නව ගිවිසුම් 9කට චීනය හා ශ්‍රී ලංකාව අත්සන් තැබේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): ඊයේ (26) දින චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Qiang) සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අග්‍රාමාත්‍යවරයා තියන්මාන් චතුරස්‍රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අතර චීන හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවීක සාකච්ඡා ආරම්භ වී ඇත.

අනතුරුව බීජින් නුවර ග්‍රේට්හෝල් හීදී පැවති ද්විපාර්ශවීක සාකච්ඡාවලදී ආර්ථික, සහයෝගිතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ථ සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකරනු ලැබ ඇති අතර, දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් තුළින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සනාථ කළෝය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ගිවිසුම් වලට අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යාංශ නවයක ලේකම්වරු අත්සන් තැබූ බව සඳහන් වේ.

චීන මහජන සමූහාණ්ඩුවේ අමාත්‍යවරුන් , මෙරට රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...