කල්මුණේ රෝහල් 26ක වෛද්‍යවරුන් 144 දෙනකු සේවාවලින් ඉවත්ව විරෝධතාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): පසුගියදා (11) තිරුක්කෝවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලය මඟින් සංවිධානය කළ මැරතන් ධාවන තරගයකදී ඊට සහාභාගි වී සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු මිය යෑමෙන් අනතුරුව තිරුක්කෝවිල් දිසා රෝහලට පහරදුන් පිරිස මෙතෙක් පොලිසිය අත්අඩංගුවට ගැනීමට පියවර නොගැනීමට විරෝධය පාමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහයවීමෙන් ඊයේ (26) කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ ඇති රෝහල් සියල්ලගේම වෛද්‍යවරුන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම කොට්ඨාසයේ රෝහල් 26ක් ඇති අතර එම රෝහල්වල සේවයේ නිරත වෛද්‍යවරුන් 144 දෙනකු සේවාවලින් ඉවත්ව විරෝධය දක්වා තිබූ බවද සඳහන් වේ.

මේ හේතුව නිසා එම රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි විශාල ජනතාවක් ඊයේ දිනයේ මහත් අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වේ,

තිරුක්කෝවිල් දිසා රෝහල් කාර්ය මණ්ඩලය මෙම පහරදීම සිදුවූ දින සිට මෙතෙක් සිටින්නේ රෝහල් සේවාවෙන් ඉවත් වෙමිනි. මේ හේතුව නිසා තිරුක්කෝවිල් සහ අවට ගම්මාන රැසක ජනතාව මහත් අපහසුතාවට පත්ව තිබේ. මේ හේතුව නිසා තිරුක්කෝවිල් දිසා රෝහලෙන් ප්‍රතිකාර ගත් ජනතාවට සිදුව ඇත්තේ සැතපුම් 10ක් පමණ දුර ගෙවාගෙන අක්කරපත්තුව රෝහලට යෑමට බවද පැවසේ.

රෝහලට පහරදීම මුල් කරගෙන සති දෙකක පමණ කාලයක් වෛද්‍යවරුන් තිරුක්කෝවිල් රෝහලේ සේවාවලින් ඉවත් වීම නිසා තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බව ගම්වැසියෝ කියා සිටී.

අද (27) දින පවතින මෙම තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්, පොලිසිය සහ ගම්වැසියන් අතර විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...