කෙහෙළියගේ දියණියගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Date:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල විසින් අද (27) දිනයේදී මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, තම පියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බව පවසමිනි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ තොගයක් මිලදී ගැනීමෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම පිළිබඳ සිදුවීමකට අදාළව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...