හිටපු ජනාධිපතිට ජනාධිපතිවරණය සිහිනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති Jacob Zumaට දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කළ නොහැකි බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

මැයි මස 29 වනදින මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 1994 වසරෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරගකාරිම ජනාධිපතිවරණය මෙය ලෙස දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති Jacob Zuma මැතිවරණ ප්‍රචාරණ රැළි කිහිපයකට සහභාගි වූ අතර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව ද නිවේදනය කර තිබෙන අතර, 2021 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහුව සිර ගත කිරීමට සිදුවූ බව සඳහන් වේ.

විශ්ලේෂකයින් මත පළ කරන්නේ, 1994 වසරේ සිට අප්‍රිකා ජාතික කොංග්‍රසය එරට පාලන බලය හිමිකර ගෙන සිටියද මෙවර ඔවුන්ගෙන් බලය ගිලිහෙනු ඇති බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...