මුලින් තියන්නේ ජනාධිපතිවරණය. අපේක්ෂකයා මම – රනිල් බැසිල්ට කෙලින්ම කියලා ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ඉඳන් ලංකාවට ආවාට පස්සේ සාකච්ඡා පිට සාකච්ඡා පවත්වමින් ඉදිරි මැතිවරණ ගැන සැලසුම් හදන්න ලෑස්ති වෙමින් ඉන්නේ.

මේ ආකාරයට ඉදිරි මැතිවරණ ගැන සාකච්ඡා කරන්න බැසිල් නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මුණගැහිලා ලු. මහමැතිවරණය මුලින් පවත්වන්න ජනාධිපතිවරයා එකඟ කරගන්න උත්සාහ කරන එක තමයි ලු මේ සාකච්ඡාවේ මූලික අරමුණ වෙලා තිබුණේ.

කොහොමවුණත් ජනාධිපතිවරයා ඒ සාකච්ඡාවේදී ජනාධිපතිවරණය මුලින් පවත්වන බවත්, තමන්ගෙ සන්ධානයේ අපේක්ෂකයා හැටියට තමන් ජනාධිපතිවරණයට තරග කරන බවත් බැසිල්ට කෙලින්ම කියලා තියෙනවා කියලායි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

රට ගැනත් පක්ෂයේ දේශපාලනය ගැනත් හිතනවා නම් මුලින්ම තියන්න ඕනෑ මහමැතිවරණයක් ය කියලා බැසිල් රාජපක්ෂ එහිදී තවදුරටත් කරුණු කිව්වා ලු.

එහෙත් ජනතාව ඉල්ලන්නේ ජනාධිපතිවරණයක් බවත් වැටී තිබුණු රට තමන් බාරගත් බවත් කියපු ජනාධිපතිවරයා ජනතාව තමන්ට පිටුපාවි කියලා තමන් හිතන්නේ නැහැයි කියලාත් කිව්වා ලු.

බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට කියලා තියෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ගැන පොහොට්ටුව තවමත් තීරණයක් අරන් නැහැයි කියලා බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...