ශ්‍රී ලංකා යෞවනියෝ එංගලන්තයටත් බැට දෙති

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 30, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පැවත්වෙන් අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගයද ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.පළමු තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 8 න් පරාජය කළ ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියාව පරාජය කරමින් අපරාජිත බව රැක ගැනීම සඳහා සටනට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු 6 න් පරාජයට පත් වෙන්නට සිඳුවුණා.කඩුලුත් අතැතිව අවසාන පන්දු ඕවරයේ දී ලකුණු 10 ක් ලබා ගැනීම සඳහා උත්සාහ කළ එංගලන්තයට එරෙහිව අවසාන පන්දු ඕවරයේ වගකීම භාරගත් තුන් ඉරියව් ක්‍රීඩිකා දෙවමි විහංගා එම පන්දු ඕවරය මනාව කළමණාකරණය කරමින් ලකුණු 3 ට සීමා කිරිමට සමත් වූ අතර ඇය විසින් ඇති කළ පීඩනය හමුවේ එංගලන්තය ජයග්‍රහණය වෙනුවෙන් සටන් වැඳෙමින් සිටි අබි නොර්ගොව් දුවද්දී දැවී ගියා.


ප්‍රථම තරගයේදී ද අර්ධ ශතකයක් රැස් කරළ අබි,මේ තරගයේදී ද එංගලන්ත ඉණිමේ වැඩිම ලකුණුලාභිණිය වෙමින් ලකුණු 31 ක් ලබා ගන්නට සමත් වුණා.ශ්‍රී ලංකාව කඩුලු 7 ට ලබා ගත් ලකුණු 128 හඹා යාමේදී එංගලන්තය හොඳ ආරම්භයක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ වුව ද,ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන්ගේ පැමිණීමෙන් පසුව තත්ත්වය ශ්‍රී ලංකාවට සුබදායී වන්නට පටන් ගත්තා.පළමු තරගය තරමටම සාර්ථක නොවුණ ද ශ්‍රී ලංකාවේ පන්දු රැකීම තිබෙන ඉහළ මට්ටමත් මෙහිදී බලපෑවා.විශේෂයෙන් රශ්මි නේත්‍රාංජලී පළමු තරගයේ දී මෙන්ම පන්දු රැකීමේදී ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් දැක් වූ දායකත්වය ඉහළින් ඇගයිය යුතු මට්ටමක තිබුණා.


රනුදි නානායක්කාර නායිකාවක ලෙස ගනු ලබන තීරණ සෑම විටකදීම පාහේ ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ඇති කරන්නට සමත් වුණා.කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය, පසුව පන්දුවට පහර දෙන කණ්ඩායම පාලනයට සිය පන්දු යැවීමේ බල ඇණිය ගැන හිතා ගත් තීරණයක් ලෙස හැඳින්විය හැකියි.


ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 128 ට වඩා සුව පහසු තැනෙක ශ්‍රී ලංකා ඉණිම රඳවා ගැනීමට තිබුණ හැකියාව සම්බන්ධයෙන් ඉදිරි තරගවලදී ශ්‍රී ලංකාව කල්පනා කළ යුතුව තිබෙනවා.මන්ද නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් සටහන් වීම අඩු කරගෙන ස්ථානගත කරමින් එක ලකුණකට හෝ යාමට උත්සාහ කර මේ නිලකුණු පන්දු ප්‍රමාණය අඩු කර ගැනීමේන් ශ්‍රී ලංකා ලකුණු පූවරුව ඉහළ නංවා ගැනීමට ඉඩ ලැබෙනවා.
ශ්‍රී ලංකා ඉණිම ලකුණු 31 ට කඩුලු 2 ක් ව තිබියදී පිටියෙ එක් වුණ නායිකා මනුදි නානායක්කාර සහ නෙත්මි සේනාරත්න තෙවන කඩුල්ලට ලකුණු 75 ක සබඳතාවයක් එකතු කරමින් ශ්‍රී ලංකා ඉණිම ඉහළට ඔසවා තැබුවා.ඒ අතරින් මනුදි පන්දු 45 න් ලබා ගත් ලකුණු 30 තවත් අඩු පන්දු ප්‍රමාණයකින් ලබා ගත්තේනම් එංගලන්තයට තරගයේ දැනෙන පීඩනය විශාල වශයෙන් තව දුරටත් ඉහළ යන්නට තිබුණා.හොඳම ඉණිම ක්‍රීඩා කළ නෙත්මි පන්දු 48 දී රැස් කළ ලකුණු 51 විශිෂ්ට ඉණිමක් වූ අතර එංගලන්තය වෙනුවෙන් අවා ලී ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති කළ පීඩනය ද ඔවුන්ගේ ලකුණු පූවරුව 128 දී නැවතිමට හේතුවක් වුණා.


මේ තරගයේ දී අසාර්ථක වුව ද,ශ්‍රී ලංකාවේ ජාතිවාදී දේශපාලනය විසින් විප්‍රවාසීන් බවට පත් කළ යාපනයේ දෙමළ පවුලකින් පැවත එන අමුර්තා සුරෙන්කුමාර් එංගලන්ත කණ්ඩායම නියෝජනය කළා.ඇයට කඩුලු හෝ ලකුණු ලබා ගැනීමට නොහැකි වුවත්,ඇය පන්දු යැවීමේදී හොඳ ඉලක්කයකට පන්දු යැවීමේ හැකියාව ඇති ක්‍රීඩිකාවක් බව පෙන්නුම් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු රකිමින් සිටියදී අනතුරුකට පත් නෙත්මි සේනාරත්නට උපකාර කිරීමට එංගලන්ත කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම ද පිටිය මැදට පැමිණීමත් කණ්ඩායම් දෙක අතර මිත්‍රත්වය තහවුරු කරන සිඳුවීමක් වුණා.


තරගාවලියේ පළමු වටයේ අවසානයේ තමන් සහභාගි වූ තරග දෙකම ජයගෙන සිටින ශ්‍රී ලංකාව අප්‍රේල් 1 දා නැවත එංගලන්.ය හමුවීමට නියමිතව තිබෙනවා.හ් වටයේ දී ජයග්‍රහණය සඳහා දැනට කණ්ඩායම විසින් පවත්වා ගෙන යන රිද්මය සුරුකෙන පරිදි නිපන්දු අඩු කර කෙටි ලකණු හෝ එකතු කර ගැනීම අත්‍යවශ්‍යය කාරණයක් වෙනවා.ඉතාම විශ්වාසයෙන් ලබා ගන්න ලකුණු ප්‍රමාණය ආරක්ෂා කිරීමට අවශ්‍යය මෙහෙයවීම සිඳු වුව ද,මීට වඩා පහසුවෙන් තරගය පුරා ජයග්‍රාහීව රැදී සිටිව හැකි ලකුණු පූවරුවක් සකසා ගත හැකිනම් එය අතිශයින් වැදගත් වෙනු ඇත.


ලකුණු පූවරුවට පිවිසෙන්න.
https://srilankacricket.lk/under-19/?type=scorecard&mId=777&cId=45&dId=1&sId=12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...