“සටන අරඹමු හම්බන්තොටින්” අද තංගල්ලේදී

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, කොළඹ (LNW): තංගල්ලේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් ජන රැළිය පැවැත්වුණු අතර, “සටන අරඹමු හම්බන්තොටින්” යනුවෙන් මෙය නම් කර තිබුණි.

ජන රැළිය සංවිධාන කෙරුණේ, එම පෙරමුණේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ වන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැළිය පැවැත්වුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතන් කිහිප දෙනෙකුම ජන රැළිය ඇමතූ බව වාර්තා වෙයි.