ඇමෙරිකාවෙන් ඊශ්‍රාලයට සහනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඇමෙරිකාව විසින් ඊශ්‍රාලයට අවශ්‍ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට එකඟතාව පළකර තිබෙන අතර, ගාසා තීරයේ මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය බෝම්බ හා ප්‍රහාරක ගුවන් යානා මෙලෙස ලබා දෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

එම යුද ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම පහක් පමණ වන බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඇමෙරිකාව ලබා දීමට නියමිත එක් බෝම්බ වර්ගයකින් එය පතිත වන ස්ථානයේ සිට මීටර් දාහක දුරින් සිටින පුද්ගලයෙකු වුවද මරා දැමීමට හැකියාව පවතින බවයි .

රෆා ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඊශ්‍රායලයට විරෝධය දක්වන අතරතුර අනෙක් පසින් යුද ආධාර ලබාදීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්ව තිබෙන බව පෙනී යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...