අද (01) දවසේ වැසි ඇතිවිය හැකි ප්‍රදේශ

Date:

අද (01) දිනයේදී බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ සහ මධ්‍යම පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...