විමල් විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් නිදොස් කොට නිදහස්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් මඟින් විදේශගත වීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙන බව පැවසේ.

ඒ එම නඩුව අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

විමල් වීරවංශ මහතා විදෙස් ගතවීම සඳහා කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත් කළ විදේශ ගමන් බලපත්‍රය පරිගණක පද්ධතියට යොමුකර පරීක්ෂා කිරීමේදී එය අක්‍රිය ගමන් බලපත්‍රයක් බව පැහැදිලි වී තිබූ අතර, ඒ බව ඔහුට දැන්වීමෙන් පසු වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන බව පවසමින් විමල් වීරවංශ මහතා ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලයෙන් පිටත්ව ගියේ යැයි විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2015 වසරේදී නඩු පවරා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...