ඊශ්‍රායලයෙන් සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් 07ක් මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ රාත්‍රී 7.30 ට පමණ සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලය ඉලක්ක කරගනිමින් , එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 7 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ, ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලන හා ආර්ථික බලවේගය ලෙස සැලකෙන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ සාමාජිකයින් 7දෙනෙකු වේ.

ඊශ්‍රායල ගුවන් යානයක් අදාළ ප්‍රහාර එල්ල කළ බව සිරියානු හමුදාව සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ , කෙසේවෙතත් විදෙස් පුවත් වාර්තාවලට තමන් ප්‍රතිචාර නොදක්වන බවයි.

ප්‍රහාරයෙන් කොන්සියුලර් කාර්යාලයේ මහල් ගොඩනැගිල්ලක්, සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...