පවුලේ සෞඛ්‍ය ගැටළුවක් නිසා චන්දිමාල්ට කණ්ඩායමෙන් ඉවත් වීමට අවසර ලැබෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 02, කොළඹ (LNW) : ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සිය පවුලට අදාළ වන සෞඛ්‍ය ගැටළුවක් නිසා කණ්ඩායමෙන් ඉවත් වී ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අවසර ලබා තිබෙනවා.

චන්දිමාල් මේ වන විට ක්‍රියාත්මක ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටියදී මුහුණ පාන්නට සිදු වී ඇති මෙම ගැටළුකාරී තත්ත්වය හමුවේ,මානුෂිකව සළකා බලා ඔහුට සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්වීමට අවසර ලැබී ඇති බැවින් ඉදිරි දෙදින තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල්ගෙ සේවය හිමිවන්නේ නැහැ.

චන්දිමාල් ක්‍රියාත්මක වෙමින් තිබෙන තරගයේ දී ලෝක වාර්තාවකට ද දායක වෙමින්,එක් ශතකයක් හෝ නොමැතිව කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ ශතකයකින් දායකත්වය ලබා දුන්නා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...