ඉස්ථාන්බුල් නගරයේ රාත්‍රී සමාජශාලාවක ගින්නකින් 29 දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):තුර්කියේ ඉස්ථාන්බුල් නගරයේ මහල් ගොඩනැගිල්ලක පළමු මහලේ පිහිටා ඇති රාත්‍රී සමාජශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි

ගින්නෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන අතර, පොලීසිය සඳහන් කරන්නේ, එම රාත්‍රී සමාජශාලාව නඩත්තු කටයුතු සඳහා වසා තිබී ඇති අතර එක්වරම එහි ගින්නක් හටගෙන ඇති බවයි.

ජීවිතක්ෂයට පත් වූ පිරිස එහි නඩත්තු කටයුතුවල නිරත වූ අය බව ද සඳහන්වේ.

රාත්‍රී සමාජශාලාවේ කළමනාකරු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...