රාජ්‍ය දේපල විකුණන්න එපා කීම වැරදි මතයක්!

Date:

කොළඹ LNW:ලංකාවේ තිබෙන වත්කම්වලින් උපරිම ප්‍රතිලාභ ලැබීමට රාජ්‍ය ව්‍යවසායයන් මෙන්ම අනෙකුත් වත්කම් යොදා ගත යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ ප්‍රතිලාභයක් නැත්නම් රාජ්‍ය දේපල විකිණීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කරගත යුතු නැති බවයි.

“මේවා රජයට අයත් ඒවාය රජයේ අයිතිය විකිණීමට ඉඩ දිය නොහැකියයි පුහු මත තවමත් ඉදිරිපත් කරමින් තිබෙනවා, එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. රාජ්‍ය දේපල කියන්නේ ජනතාව සතු වත්කම්, ඒවාට ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කුමක් ද, ප්‍රතිලාභ ලැබෙන්නේ නැතිනම් ඒවාට රජයක් වග කිව යුතුයි. මැද පෙරදිග රටවල් 1970 ගණන්වලදී විකුණූ නිසයි එම රටවල් අද දියුණු වෙලා තිබෙන්නේ. අපේ පොස්පේට් නිධිය විකුණන්නැයි වසර 20 කට පෙර බැංකුකරුවෙකු ලෙස මම කිව්වා. එවන් සම්පත් කලට වෙලාවට විකුණුවේ නැතිනම් එහි ප්‍රතිලාභ අහිමි වන කලක් ඒවි. අද වන විට විදුලිය උත්පාදනයට තෙල් පාවිච්චිය වෙනුවට පුනර්ජනනීය ක්‍රම හරහා ජලය, සුළං බලය සහ සූර්ය ආලෝක භාවිතය වැඩිවෙලා තිබෙන්නේ. ඕනෑම වත්කමකට වැඩිම ප්‍රයෝජනය තිබෙන්නේ එක කලකට පමණ යි” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...