යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා දිගු දිවිගමන නිම කරයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැනට ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා 114 වන වියේ පසුවෙමින් සිටියදී ජිවිතයෙන් සමුගෙන ඇත.

එ බව එරට ජනාධිපති ‘නිකලස් මදුරෝ’ සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඊයේ (02) රාත්‍රියේ ඔහු මිය ගොස් ඇති අතර, දරුවන් 11දෙනෙකුගේ පියෙක්වන ඔහු ගිනස් වාර්තා අතරට එක්වන විට මුනුබුරු මිනිබිරියන් 41ක්, මී මුනුබුරු මිනිබිරියන් 30 දෙනෙක් සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 පෙබරවාරි 4 වැනිදා ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තාවට එක්විය.

යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා ගිනස් පොතට ඇතුලත් කරන විට ඔහු ඔහුගේ වයස අවුරුදු 112 යි දින 253 ක් වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...