2024 වසරේ මුල් මාස 3 තුළ රැකියා සඳහා සැලකියයුතු පිරිසක් විදෙස් ගත වෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW): ශ්‍රී ලාංකිකයින් 75,000කට ආසන්න පිරිසක් 2024 වසරේ මුල් මාස 3 තුළ රැකියා සඳහා විදෙස් ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාලය තුළ පුද්ගලයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදෙස් ගතව ඇති බව, එම කාර්යාංශය සඳහන් කළේය.

ඉන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වේ.

ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු රැකියා සඳහා කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර එම සංඛ්‍යාව 17,793 කි,

පෙර වර්ෂවලට සාපේක්ෂව මේ වසරේ මුල් මාස තුන තුළ දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පෙන්නුම් කරන බව පැවසේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, රැකියා සඳහා දකුණු කොරියාව වෙත ලාංකිකයින් 2,374 දෙනෙකු ද, ඊශ්‍රායලය වෙත 2,114 දෙනෙකු ද රුමේනියාව වෙත 1,899 දෙනෙකු හා ජපානය වෙත 1,947 දෙනෙකු ද පිටත්ව ගොස් ඇති බවයි.

එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මේ අතර රැකියා සඳහා විදෙස් ගතවූ ශ්‍රී ලාංකිකයින් මේ වසරේ මුල් මාස 2 තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 963.8ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...