*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

අපි තමයි මුලින්ම විවාදයකට ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළේ – හර්ෂ

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW): කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, NPP නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදයක් පැවැත්වීමට සූදානම් බවයි. එම විවාදය සිදුවනුයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බවද කියා සිටී.

හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ, පළමුව අභියෝගය සිදු කළේ සමගි ජන බලවේගය බවත් එම නිසා ප්‍රථමයෙන් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයකට පැමිණෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට නැවත ආරාධනා කරන බවත්ය.

ඒ මහතා තවදුරටත් මෙසේ ද කියා සිටියේය,

“සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා හත් වතාවක් ආරාධනා කළා. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණ විවාදයකට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරලා තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට ඔවුන් තිදෙනකු පත් කරලා තිබෙනවා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා, මහාචාර්ය අනිල් ජයසිංහ සහ මහාචාර්ය සීතා බණ්ඩාර සිටිනවා. මේ තිදෙනාට තමයි සමගි ජන බලවේගය විසින් විවාදයකට ආරාධනා කළේ. නමුත් දැන් ඔවුන් කියනවා ඉදිරියේදී පැමිණෙන්නේ ජනාධිපතිවරණයක්, ඒ නිසා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් පැවැත්විය යුතුයි කියලා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායක සමඟ විවාදයකට ඔහු ඕනෑම වෙලාවක සූදානම් බවයි. නමුත් සමගි ජන බලවේගය තමයි මුලින්ම විවාදයකට ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළේ. ඒ නිසා සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුව පළමුව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට පැමිණිය යුතුයි. ඒ වගේම ඕනෑම රූපවාහිනි නාලිකාවක එම විවාදය පවත්වන්නත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සූදානම්.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan