හොර දොස්තරලා හොයන්න මෙහෙයුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, මෙරට තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ, ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් බව පැවසේ.

වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදුකළ යුතු අතර පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර ඇති බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බවයි. එවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත්තේ එවැනි ආයතන සහ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ද ඉල්ලීමක් කරමින් පවසන්නේ, සුදුසුකම් සපුරා නොමැති ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...