ශ්‍රීලනිප මූලස්ථානයේ ෆයිල් උස්සලා – පොලීසියට පැමිණිල්ලක් !

කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලීසියට පැමිණිලි කර තිබේ.

එසේ අතුරුදන්ව ඇති ලිපිගොනු අතර, එම පක්ෂයේ පරිපාලනයට සම්බන්ධ ඉතාම වැදගත් ලේඛන කිහිපයක් ද වන්නේ යැයි එම පැමිණිල්ලේ සඳහන්ව ඇති බව වාර්තා විය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර ශ්‍රීලනිප මූලස්ථානයේ සේවකයින් ඇතුළු කිහිපදෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගැනීමට ද නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...