මේ ලිපිය ලිවීමට සිත්වූයේම මේ දිනවල සමාජ මාද්‍ය හරහා බොහෝ දෙනා ඔවුන් පළකරණු ලබන අදහස් වලට අනුව, ඔවුන් කැමතිවී ඇති ” දේශපාලන බලවේග” බලයට පැමිණියහොත් ලංකාවේ “ප්‍රභූ” දේශපාලනය අවසන්කොට “නිර්ප්‍රභූ” දේශපාලන සංකෘතියක් ලංකාව තුල ඇතිකරන බවට හා තමතමන්ගේ නායකයින් නිර්ප්‍රභූන් බවට පළකරණු ලබන අදහස් වලට ප්‍රතිචාරයක් වශයෙන් සහ “ප්‍රභූ දේශපාලනය” පිළිබඳව ලංකාවේ පවතින අධිපති නිෂේධාත්මක මතවාදයන් යම්තරමක් දුරට හෝ අභියෝගයට ලක්කිරීමේ අදහසිනි.
ප්‍රභූකරණය තුලින් රට වැනසුනේ යැයිද, එසේම නිර්ප්‍රභූ අය පැමිණීමෙන් රට ගොඩගන්නවා යැයි පැවසෙන දුර්මතයන්ද යම් පමණකට අභියෝගයකට ලක්කිරීමද මේ ලිපියේ තවත් අරමුණකි.
රාජාණ්ඩුව උගුල්ලාදමා කාර්මිකකරණය (Industrialization) යම්තාක් දුරකට රටට හඳුන්වාදීමට ප්‍රථම ලංකාව තුල පැවතියේ රාජාණ්ඩු බැවින් මුලුමහත් රටවැසියන්ම ජීවත්වූයේ රටවැසියන් හැටියට නොව සම්පූර්ණයෙන් රජාට යටත්වැසියන් ලෙසය.
ඒ අනුව මෙම ලිපිය හරහා මුලින්ම අපි මේ කියන “ප්‍රභූ” වරු කව්දැයි මුලින්ම හඳුනාගනිමු. ලංකාව බ්‍රිතාන්‍යය ජාතීන් ආක්‍රමණය කොට එය මුලුමනින්ම යටත් විජිතයක් බවට පත්කොට, රාජාණ්ඩුව උගුල්ලාදමා කාර්මිකකරණය (Industrialization) යම්තාක් දුරකට රටට හඳුන්වාදීමට ප්‍රථම ලංකාව තුල පැවතියේ සියවස් ගණනාවක්ම රාජාණ්ඩු බැවින් මුලුමහත් රටවැසියන්ම ජීවත්වූයේ ඇත්තටම රටවැසියන් හැටියට නොව සම්පූර්ණයෙන් රජාට යටත්වැසියන් ලෙසය. ඔවුනට බලපාන ලද්දේ රජාගෙන් පිටවන සෑම වචනයක්ම නීතියක් ලෙසයි. එය අභියෝගයට ලක්කිරීම හෝ එය අඩුම තරමින් විවේචනය කිරීම පවා කිසිම යටත්වැසියෙකුට හැකිවූ කාරණයක් නොවේ. රජු ඉදිරියට පමුණුවන ඕනෑම කෙනෙකු මහ හඩින් රජු ඉදිරියේ දණගාමින් හා බඩගාමින්, “පස්වාන් දහසකට බුදුවන්ඩ නරෝත්තමයාණෙනි, මේ නර පණුවාට සමාව භජණය කලමැනවි” යනුවෙන් අවසර ගැනීමට සිදුවිය.
ඒ අනුව බලන කල රාජාණ්ඩු තුලදී කිසිදු වැසියෙකු නියම පුරවැසියෙකු හෝ රටවැසියෙකු හෝ නොවුනා පමණක් නොව ඒ තුල “නරපණුවෙකුම” විය. නුවර යුගයේදී පවා කිසිම සාමාන්‍ය නිවසක හුණුගෑමට පවා අවසර නොලත් අතර බොහෝ කාන්තාවනට උඩුකය ඇඳීමට පවා වරම් නොලැබිණි. එහෙත් රජාගෙන් අනුග්‍රහය ලැබූ ඔහුගේ අධිකාරම්ලා, නිළමෙලා, රටේ රාළලා, වැනි අය එකල රජුගෙන් ඉහළ වරප්‍රසාද භුක්තිවිඳින පිරිසක් බවට පත්වෙමින් රජුගේ වාචික නීති අකුරටම ක්‍රියාත්මක කරමින් ඉහතකී නරපණුවන් පීඩාවෙන් පීඩාවට පත්කරමින් යෙහෙන් වැජබුනහ. ඉහතකී රාජ්‍ය අනුග්‍රහය ලැබූ වරප්‍රසාදිත කොටස මෙසේ “ප්‍රභූ” පංතිය සඳහා අඩිතාලම දැමුණු අතර එය ක්‍රමයෙන් වර්ධනය විය.
ප්‍රභූ සංකල්පය නැතිනම් (noble person) යන අරුතින් වූ සමාජ ස්ථරය පැහැදිලිව දක්නට ලැබේ.
ප්‍රභූ යන වචනය ඉන්දියාවේ හින්දි භාෂාවේත්, කේරළයේ මළයාලම් භාෂාවේ පවා දක්නට ලැබෙන අතර පැරණි ක්‍රිස්තියානි රටවල්වලද බටහිර රාජාණ්ඩුවලද මේ ප්‍රභූ සංකල්පය නැතිනම් (noble person) යන අරුතින් වූ සමාජ ස්ථරය පැහැදිලිව දක්නට ලැබේ. ඉතාලියේදී මේ කොට්ඨාශයන් “නොබිල” ලෙසද, එංගලන්තයේ මේ ධූරාවලියන් නයිට්වරු, බිෂොප් වරු යනාදි වශයෙන්ද පැවති අතර ලංකාව සැලකූ කල අදිකාරම්, නිළමේ, රටේ රාළ, මුලාදෑනි වැනි ප්‍රභූ ධූරාවලි ස්ථාරායනයන් දක්නට ලැබේ.
1789 දී පැවති තෝරාගැනීම අනුව ප්‍රංශයේ පාලක නීතිරීති ගැනීමට පැහැදිලිවම ධූරාවලි ධාරා තුනක් සැකසිනි.
1790 ගණන්වලදී 16 වන ලුවී රජුගේ අසාර්ථක පාලනය තුලදී සිදුවූ සමාජීය, ආර්ථික හා දේශපාලණික කඩාවැටීම් තුලත් ඒ පාලනය 1792 මැදවනවිට රිපබ්ලික් (Republic) තත්වයට පරිවර්තනය වීමත් ඊට ප්‍රථම 1789 දී රාජ්‍ය ව්‍යුහය (Estate General) එක ව්‍යුහයන් තුනකට බෙදීමත් සිදුවිණි. මෙහිදී 1789 දී පැවති තෝරාගැනීම අනුව ප්‍රංශයේ පාලක නීතිරීති ගැනීමට පැහැදිලිවම ධූරාවලි ධාරා තුනක් සැකසිනි. මෙහිදී පළමු ඛංඩය පූජ්‍ය පක්ෂය සඳහාත් (clergy), දෙවෙනි ඛංඩය ප්‍රභූන් සඳහාත් (nobility), තුන්වන ඛංඩය සාමාන්‍ය ජනයා (common people) සඳහාත් නියෝජනය වනපරිදි ඒවා සැකසිනි. මෙහිදී පළමු හා දෙවන ඛාංඩ බදුවලින් නිදහස් වූ අතර ඔවුන් ප්‍රසාරණය උනේ ප්‍රභූන් හෙවත් වරප්‍රසාදිත කොටස් ලෙසයි. ඔවුන් ප්‍රංශයේ විශාල ලෙස ඉඩම් අයිතිය හෙබවූ අයද විය.
ප්‍රංශයේ සිදුවූ විප්ලව නිසාත් රජුට අත්වූ බිහිසුනු ඉරණම නිසාත් ඔස්ට්‍රියා, ප්‍රශියා සහ රුසියන් අධිරාජ්‍යයන් සෙලවුණු අතර ඒවායේද රාජාණ්ඩු විසින් පාලනය ජනතාවගේ නියෝජනයන් ඇතුලත් වනපරිදි සැකසීමට උනන්දු වීය.
කෙසේ වෙතත් පසුකාලයේ ප්‍රංශයේ සිදුවූ විප්ලව නිසාත් රජුට අත්වූ බිහිසුනු ඉරණම නිසාත් ඔස්ට්‍රියා, ප්‍රශියා සහ රුසියන් අධිරාජ්‍යයන් සෙලවුණු අතර ඒවායේද රාජාණ්ඩු විසින් පාලනය ජනතාවගේ නියෝජනයන් ඇතුලත් වනපරිදි සැකසීමට උනන්දු වීය. මීට හොඳම උදාහරණයක් නම්, 1905 දී රුසියාවේ ඇතිවුනු විප්ලවකාරී තත්වය නිසාම සාර් අධිරාජයා වුනු දෙවන නිකලස් රජු විසින් රුසියාව තුල “ඩූමා” සභාවක් ස්ථාපිත කිරීමයි. මෙය මුලදී උපදේශක සභාවක් ලෙස හැඳින්වූවද 1905 ඔක්තෝබර් 17දා ඩූමාවලට වැඩි බලයක් ලබාදෙමින් (legislative) රටතුල පැනවෙන ඕනෑම නීතියක් ඩූමාවේ අනුමැතියෙන් තොරව වලංගු නොවන බවට නීතියක්ද සාර් රජු විසින් හඳුන්වා දෙනලදී. මෙය සාර් අධිරාජයා සතුව පැවති සුවිශාල බලය යම් පමනකට ඊට පහල සමාජ කොටස් වල නියෝජනයක් ඇතිවෙන සේ සකස් වීමක් මෙන්ම මෙම නියෝජිත කොටස් රුසියානු සමාජයේ යම් ප්‍රභූ තත්වයකට පත්වීමද නොවැලැක්විය හැකි විය.
මේ ආකාරයට ලෝක රාජාණ්ඩු තුලද ඉහල ප්‍රභූ තන්ත්‍රයක් මේ රජුගේ බලව්‍යුහයට සම්බන්ධ වීමෙන් ඇතිවුනු අතර මේ වැඩවසම් ක්‍රමයන් තුලදී යෙහෙන් වැජබුනු මේ ප්‍රභූ තන්ත්‍රය, ධනේශ්වර ක්‍රමයට ඒමේදී එම ක්‍රමය තුල ධනපතියන් බවට රූපාංතරණය උනා.
මේ රූපාංතරණය වීම ලෝක තත්වය තුල වීම සහ එහි බලපෑම මෙතැන් පටන් අමතක කොට එය ලංකාවේ ක්‍රියාත්මක වුනු ආකාරය මෙතැන් සිට සලකා බලමු.
සේනානායක පරපුර
මහාචාර්ය කුමාරි ජයවර්ධන විසින් ලියනලද ඉතා අගනා කෘතියක් වූ “සොක්කන් ලොක්කන්වූ වගයි” මැයෙන් වූ පොතෙහි මෙම රාජාණ්ඩු තුල රජාට අනුග්‍රහය දැක්වූ ප්‍රභූ කොටස්ද බ්‍රිතාන්‍ය පාලනය පැමිණීමේදී වහ වහා බ්‍රිතාන්‍යයන් පසුපස ගොස් ඔවුන්ගෙන් තාන්ණ මාන්න ලබාගෙන ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණකොට ලංකාවේ “ප්‍රභූ පංතිය” බවට පත්වූ අයුරුත් මේ ස්ථරයම රටේ කාර්මිකකරණය ඇතිවෙනවිට ධනපතියන් බවට රූපාංතරණය වුනු අයුරුත් ඉතා පැහැදිලිව පෙන්වා දෙනු ලබනවා. විශේෂයෙන් සොලමන් ඩයස් බන්ඩාරනායක මහමුදලි පරම්පරාව මෙන්ම, සේනානායක පරපුරද, ජයවර්ධන පරපුරද, රත්වත්තේ පරපුරද වැනි සීමිත පවුල් කීපයක් මේ ප්‍රභූන් ලෙස ස්ථාපනය වුනු අතර, ඔවුන් වැඩවසම් යුගයේ ජනයා පෙලමින්ද රජුගේ සහායෙන්ද අත්පත් කරගත් ඉඩම් අක්කර සිය දහස් ගණන් හා එක්රැස් කල වස්තුව කාර්මිකකරණය තුලදී පතල් කර්මාන්තය හා රේන්ද කර්මාන්තය වැනි ඒවාට යොදවමින් අධික ලෙස මුදල් සොයමින් විශාල ධනකුවේරයින් වුනු අතර පසුව මොවුන්ගේ දරුවන් එංගලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා යවා ක්‍රම ක්‍රමයෙන් ලංකාවේ පාලන බලයට හවුල් වීම සඳහා එම දරුවන් හට අවස්තාව උදාකරදෙන ලදී.
උප්පරවැට්ටි දමමින්, නූල් සූත්තර යොදමින් මේ ප්‍රභූ පංතිය බලය තම පංතිය තුලම පවත්වාගෙන යාමේ දේශපාලන හරඹයක යෙදෙන අයුරු අප කාටත් පැහැදිලිවන කාරණයකි.
ඇත්තෙන්ම මේ ලංකාවේ ප්‍රභූ පංතිය සැබෑ ලෙසම එංගලන්තයේ හෝ ප්‍රංශයේ හෝ ජර්මනියේ හෝ රුසියාවේ ප්‍රභූ පංතිය ලෙසය වුනු පුළුල් පරාසයක විහිදුනු බලවත් පංතියක් ලෙස විකාශනය නොවුනි. එනිසාම ආරම්භයේම මේ ලංකා ප්‍රභූ පංතිය ඔරිජිනල් ප්‍රභූ පංතියක් ලෙසවත් ස්ථාපනය වීමේ කිසිදු ගතිකයක් නොවිණි. කෙසේ හෝ එවකට ලංකාව තුල පැවති සමාජ වටාපිටාව අනුව රටේ ප්‍රභූන් ලෙස යම් බලයක් ගොඩනගා ගැනීමට ඔවුන් සමත්විය. කල් ගතවෙත්ම මේ ප්‍රභූ පංතියට තේරුම් ගිය එක් කාරණයක් නම් තමන් රැස්කල ධනය ආරක්ෂා කරගැනීමටනම් “බලය” තමන් වෙත හෝ තම පංතියේ කෙනෙකු වෙත රඳවාගෙන නොවරදවාම ඒ බලය තම පංතිය තුලම පවත්වාගත යුතු බවයි. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට 1948 නිදහස ලබන තෙක්මත් ඉන් අනතුරුව අද දක්වාත් විවිධ ආකාරයේ උප්පරවැට්ටි දමමින්, නූල් සූත්තර යොදමින් මේ ප්‍රභූ පංතිය බලය තම පංතිය තුලම පවත්වාගෙන යාමේ දේශපාලන හරඹයක යෙදෙන අයුරු අප කාටත් පැහැදිලිවන කාරණයකි.
නමුත් ඒ කෙසේ වෙතත් විවිධ අඩුපාඩුකම් මැද වුවද ලංකා දේශපාලනය තුල මුල් කාලයේ මෙම ප්‍රභූ පංතිය බලය හෙබවීමේදී යම් යම් විශේෂිත දියුනු ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලක්ෂන පෙන්නුම් කිරීමට සමත්වුනු අතර ඒ තුල රටේ යම්කිසි ප්‍රජාත්‍රන්ත්‍රවාදී රාමුවක් තුල රටපාලනය කිරීමට ඔවුන් 1977 කාලය දක්වා යම් යම් අඩුපාඩුකම් මද්‍යයේ වූවද සමත් විය.
විශේෂයෙන් UNP පාලනයන් තුල යම් ධනේශ්වර ආකෘතියක් ගෙනඒමටත් SLFP පාලන කාලයන් තුලදී ජාතිකවාදී ක්‍රමවේදයන් ගෙනඒම තුලත් අදට වඩා යම් හොඳ ලක්ෂන ඔවුන් ප්‍රදර්ශනය කලා. ඒ තුල දේශපාලනය කොට විශ්‍රාම ගන්නා දේශපාලන නායකයින් පවා තම බැංකු ගිණුම්වල කිසිදු මුදලක් ඉතිරි නොකර විශ්‍රාම යමින්ද, ඉතා සරල ජීවිත ගතකරමින්ද අනිත් අයට ආදර්ශයක් දෙමින්ද ඔවුන් දේශපාලනය තුලත් ඉන් බැහැරවත් ගතකලා.
එබැවින් මේ කොටස් අපට සලකන්නට වෙන්නේ අපරටේ අපට දකින්නට හෝ අසන්නට ලැබුනු යම් ගුණාත්මක ප්‍රභූ පංතියක් ලෙසයි. විශේෂයෙන් ජෝන් කොතලාවල වැනි අය විශ්‍රාම යනවිට ඔවුන්ගේ කඳවල පිහිටි මුළු වතුපිටි වල අයිතිය රජයට ප්‍රධානය කල අතර කොබ්බෑකඩුව වැනි නායකයින් කිසිම මුදලක් හරි හම්බ කරනොගෙන දේශපාලනයෙන් විශ්‍රාම ගියා ඉතා සරලවම. (අද පාසැලක විදුහල්පති වරයෙක්වත් එසේ සරලව විශ්‍රාම ගන්නවාදැයි සැකසහිතයි).
නමුත් රටේ එක් ප්‍රශ්නයක් ඉතුරු උනා. ඒ තමයි මේ ප්‍රභූ පංතිය තුලින් රටේ ඉදිරි වර්ධනයට සහ ආර්ථිකය හැසිරවීමට ප්‍රමාණවත් ධනේශ්වර පංතියක් රටතුල හැදීමට අපොහොසත් වීම සහ ප්‍රමාණවත් ව්‍යවසායකයින් ප්‍රමාණයක් රටතුල ගොඩනැගීමට අපොහොසත්වීම. ඒ සියළු දෙනා රට ශුභසාධන රාජ්‍යයක් ලෙස පවත්වාගෙන ගිය අතර රටේ නිෂ්පාදන ලෝක තත්වයට ගෙනඒමට හෝ සමත් උනේ නැහැ.
70-77 කාලය තුල සිරිමාවෝ මහත්මිය සහ වාමාංශික කොටස් එක්ව කල සභාග පාලනයෙන් රටේ ආර්ථිකය විශාල ලෙස හැකිලුනා.
විෂේශයෙන් 70-77 කාලය තුල සිරිමාවෝ මහත්මිය සහ වාමාංශික කොටස් එක්ව කල සභාග පාලනයෙන් රටේ ආර්ථිකට විශාල ලෙස හැකිලුනා. කෙසේ නමුත් පෞද්ගලික ආයතන සහ වතු ජනසතු කිරීම තුල නිර්ප්‍රභූ පංතිය මහත් සතුටට පත්වූ නමුත් ඒවායේ විපාක නිර්ප්‍රභූ පංතියටම ඉතා ඉක්මනින් විඳීමට සිදුවුනා. රටේ ජනතාව විශාල ලෙස දුගීකරණයට ලක්වුනු අතර පාන් පෝලිම් , පිටි පෝලිම්, හාල් පෝලිම් පාන්දර තුන හතර කාලය පටන් දක්නට ලැබුනා. මෙසේ ආර්ථිකය හැකිලීමෙන් රටක් ඉදිරියට ගෙනියන්නට බැරිබව එක් දේශපාලකයෙක් හොඳාකාරවම දැනගෙන හිටියා. ක්‍රිකට් වලදි බැක් ෆුට් විතරක් ගිහිං විකට් එක ආරක්ෂා කරගෙන හිටියට මැච් දිනන්න බැරිබව දැනගත් සනත් ජයසූරියලා ක්‍රීස් එකෙන් ඉදිරියට පැන මැච් දිනවමින් වර්ල්ඩ්කප් ගෙනාව වගේ, මේ දේශපාලකයා තේරුම් ගත්තා රට ඇතුලෙම නිෂ්පාදන රටේ ඇතුලෙම විතරක් පරිභෝජනය කරලා දූපතක් දියුණු කරන්න බෑ කියලා. ඔහුතමයි ධනේශ්වරයේ එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ ප්‍රභලම ලිබරල් නායකයා වන ජූනියස් රිචර්ඩ් ජයවර්ධන.
ඔහු හයෙන් පහක බලයක් අරන් රටේ ආර්ථිකය විවෘත කරලා සල්ලි හොයන්න පුලුවන් මාර්ග පාදලා දුන්නා ආරම්භයක් ලෙස
ඔහු හයෙන් පහක බලයක් අරන් රටේ ආර්ථිකය විවෘත කරලා සල්ලි හොයන්න පුලුවන් මාර්ග පාදලා දුන්නා ආරම්භයක් ලෙසත්, රටට ඒ වෙලාවෙ ගැලපෙන ලෙසත්. රට ඒවෙලාවෙ පත්වෙලා තිබුනු හැටියට ඔහුට ආර්ථිකය විවෘත කරද්දි ඔහුට අභිමුඛ වුනු කොන්දේසි අනුව ඔහුට ක්‍රියාමාර්ග ගන්න සිදු උනා. පිටරට ආයෝජන ඇඟළුම් නිෂ්පාදන රට ඇතුලට ගෙනාවා. ගම්වල බීඩි ඔතමින් හිටපු, පපඩම් හදමින් හිටපු, ලියුම් කවර හදමින් ජීවත් වුනු කාන්තාවන්ට ගාමන්ට් ඇරුනා, මැදපෙරදිග රැකියා විවෘත උනා. ශීතකරණ, මෝටර් සයිකල්, ටෙලිවිෂන්, විදුලි උපකරණ බහුල උනා. ගම්වල බෝක්කු උඩ අවලංගු කාසිවෙලා හිටපු, පට්ට දුගීකරණයට භාජනය වෙලා හිටපු සෙට් එකක් අතේ ඉක්මනින් සල්ලි ගැවසෙන්න ගත්තා. මේ අය පට් පට් ගාලා සම්තිං හොයන්න මාර්ග පාදගත්තා. එයාල භාන්ඩ පරිභෝජනය කරන්න ගත්තා. ගෙවල් ටික ටික කලඑලි උනා. මේ ගම්වල හිටපු එක සෙට් එකක් ටික ටික දේශපාලකයින් වටා කැරකෙන්න ගත්තා. ඒ හරහා ඔවුනුත් ප්‍රාදේශීය දේශපාලනය තුලට රිංගුවා. එතනින් පටන්ගත්ත මේ අවලංගු වෙලා නන්නත්තාර වෙලා හිටපු සෙට් එක වැඩිකල් යන්න මත්තෙන් කවුන්සිලේට තරඟ කරන්නත් පුලුවන් තරමට මුදල් වියදම් කරන්න පුලුවන් බලපුලුවන්කාර පිරිසක් බවට පත්වුනා.
හොරෙන් කැලෑ කැපිලි, හොරෙන් මැණික් ගැරිලි වලින් පටන්ගෙන කුඩු ගේන තැන දක්වා මොවුන්ගේ සල්ලි තන්හාව වැඩි උනා.
එතනින් ආපු මේ සෙට් එක පාර්ලිමේන්තුවට ඇවිත් කැබිනට් එකටත් රිංගුවා. ඉන්පස්සේ මේ කට්ටිය V.I.P ලා හෙවත් “ඊනියා ප්‍රභූන්” බවට නිරායාසයෙන් පත්වුනා. නන්නත්තාර වෙලාහිටපු කාලෙ තිබුනු සල්ලි හොයන තන්හාව මොවුන් V.I.P උනා කියලා නතර කලේ නෑ. ඒක ප්‍රභූන් සහ නිර්ප්‍රභූන් අතරේ තියෙන එක් කැපී පෙනෙන ලක්ෂණයක්. හොරෙන් කැලෑ කැපිලි, හොරෙන් මැණික් ගැරිලි වලින් පටන්ගෙන කුඩු ගේන තැන දක්වා මොවුන්ගේ සල්ලි තන්හාව වැඩි උනා.ඒ තුල මොවුන්ගේ වටා තග් බලඇණියක් පවත්වාගෙන ගියා. ඔවුන්ද දේශපාලන බලයෙන් විවිධ අවි ආයුද පාවිච්චියෙන් කප්පම් ගැනිල්ලෙන් පටන්ගෙන ලෝකෙ හැම මත් ද්‍රව්‍යයක්ම රටට ගෙනත් කෝටි ප්‍රකෝටි පතියෝ බවට පත් උනා.
මේ සෙට් එකට නූල් බඳින ශ්‍රමන බලකායකුත් ඇතිඋනා. ගෙවල්වල බලුපැටව් වැඩි උනාම පංසල්වලට දානවා වගේ කන්ඩ දෙන්න විදියක් නැතිව ළමයිනුත් පංසල් වලට දෙන නිසා ඒ මහණ වෙන අයත් අත් හැරීම සඳහා දෙයක් තිබුනෙම නැතිනිසා අල්ලගන්නම දැඟළුවා. ඒ නිසා කලින් කියපු දේසපාලුවන්ට මේ අය ගහට පොත්ත වගේ සෙට් උනා. දේශපාලනය තුල සියලු මැරකම් ජඩකම් පාදඩකම් කරපු මදාවියෝ චන්ද ලිස්ට් එකෙන් වැඩිම මනාපෙන් කවුන්සිලේට තේරුනා. රටට යමක් කරන්න උවමනාවක් තියාගෙන ඒගැන දැනුමක් ඇතිව දේශපාලනයට ආපු ඉතිරිව හිටපු ප්‍රභූන් සෙට් එකත් චන්දෙන් පැරදිලා ගෙදරගියා. දැන් මේ රටේ මේ විදියට අවුරුදු ගාණක් ගතවෙලා ඉතුරු වෙලා තියෙන්නේ V.I.P ලෙස අභිෂේක ලැබූ ඊනියා ප්‍රභූන් සෙට් එකක් විතරයි.
අපි දැන් මේ රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයේ අවුරුදු 75ක් පසුකරගෙන ගිහිං
අපි දැන් මේ රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයේ අවුරුදු 75ක් පසුකරගෙන ගිහිං. නමුත් තවමත් රටේ චන්දෙකින් තේරී පත්වෙන්නේ ඉහතකී ඊනියා නිර්ප්‍රභූ පිරිසක් විතරයි. මේ වැඩිහරිය මදාවියන්, දූෂකයින්, හොරු, මංකොල්ල කරුවන්. නමුත් ඒ අයට චන්දෙ දෙන්නේ ගුරුවරු, වෛද්‍ය වරු, උගත්තු වගේම මැද පංතිය.
දැන් මේතමා ප්‍රභූ දේශපාලනයක් සහිතව තිබූ ප්‍රභූ සෙට් එකක් ආරම්භයේදීම රටේ දේශපාලනයට සම්බන්ධ වීමෙන් ඇරඹුනු රටේ පාලන තන්ත්‍රය නිර්ප්‍රභූකරණයට පත්වුනු හැටි. එතකොට අපිට දේශපාලනය තුල අද මුණගැසෙන්නෙ ප්‍රභූ අයනෙවෙයි නමුත් V.I.P ලෙස වෙස්වලා ගත්තු නිර්ප්‍රභූ සෙට් එක. ඇත්තටම මේ කියන සෙට් එක නන්නත්තාර වුනු ලුම්පන් පංතියෙන් ඇවිත් පාර්ලිමේන්තුව හරහා V.I.P වෙස් ගත්තු සෙට් එකමයි.
ආචාර්‍ය ඇන් ඇම් පෙරේරා, ආචාර්‍ය කොල්වින් ආර් ද සිල්වා, දොස්තර වික්‍රමසිංහ
දැන් බලමු මේ වාමාංශික පාර්ශ්වය පැත්තට අවධානය යොමුකරලා එයාලගෙ ඉන්නෙ ප්‍රභූන්ද, නිර්ප්‍රභූන්ද කියලා. ඇත්තටම 1935 ඉඳන් හැදුනු ලංකා සමසමාජ පක්ෂයත්, ඉන්පස්සෙ හැදුනු කොමියුනිස්ට් පක්ෂයත් සලකනවිට ඒවගේ නායකයින් කියන්නේ එංගලන්තයේ ගිහිං ආචාර්‍ය උපාධිය හදාරලා නැවත ආපු මැදපංතියේ යම් ප්‍රභූ සෙට් එකක්. ආචාර්‍ය ඇන් ඇම් පෙරේරා, ආචාර්‍ය කොල්වින් ආර්ද සිල්වා, දොස්තර වික්‍රමසිංහ වගේ අයතමා මේ වාමාංශික නායකයින් උනේ. ඒ වගේම තමයි මේ නායකයින් ලංකාව තුල දේශපාලනය කලෙත් මේ දුගීකරණයට පත්වුනු ජනතාව සමඟ යම් පරතරයක් තියාගෙන. කොල්වින් ආර් ද සිල්වගේ දියණිය වරාය කම්කරුවෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තාම, කොල්වින් කලේ ඇය කලවානෙ මුරුත්තෙට්ටුවේගම අප්පොගෙ පුත්‍රයාට සරණපාවලා දීපු එක. රටේ දුරපළාත්වලත් මේ අයඑක්ක ප්‍රාදේශීය නායකත්වයට සෙට් වෙලාහිටියේත් මේ එල්ලාවල අප්පොලා, මුරුත්තෙට්ටුවේගම අප්පොලා වගේ ප්‍රභූ අය. ඒ අයට ජීවත්වෙන්න විදිහක් නැතිව දේශපාලනයට ආපුඅය නෙවෙයි.
මේ අය වාමාංශික දේශපාලනය තෝරගෙන රටේ යම් දියුණු දේශපාලනණයක් එයාල කරගෙන ආවා. සූරියමල් ව්‍යාපාරය, මැලේරියා මර්ධන ව්‍යාපාරය වගේ දේවල් එයාල රටතුල විශාල කැපකිරීම් තුල කරගෙන ගියා. ඒ වගේම මේ වාමාංශික නායකයින් සුළු ජනවාර්ගිකයින් සමඟ ඉතාම සුහදව දේශපාලනය කරලා ඔවුන් දිනාගත්තා. විශේෂයෙන් උඩරටවතුවල දෙමළ ජනතාව වගේම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවත් එක්ක මේ අය ඉතාම හොඳින් දේශපාලනය කරගෙන ගියා. ඔවුන් විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනය තුල ඉඳිමින් ඔවුන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ආදර්ශමත් දේශපාලණයක් කරගෙන ගියා.
1953 ආපු හර්තාලය වෙලාවෙත් මේ වාමාංශික නායකයින් කල්පනා කලේ නැහැ බලය ඩැහැගන්න.
හැබැයි එයාලට තේරිලා තිබුනා ලංකාවෙ ජනතාව ඒ වෙනකොට විප්ලවයකට සුදුසු තරමේ පරිනත ජනතාවක් නෙවෙයි කියලා. 1952 ආපු හර්තාලය වෙලාවෙත් මේ වාමාංශික නායකයින් කල්පනා කලේ නැහැ බලය ඩැහැගන්න. මොකද පවතින තත්වය තුල බලය ඩැහැගෙන බලය පවත්වාගෙන යන්න බැරිබව ඔවුන් දැනගෙන හිටියා. ඒවගේම ලංකාවෙ එහෙමට කම්කරු පංතියක් හැදිලා තිබුනෙ නැතිබවත් ඒ වාමාංශික ප්‍රභූ නායකයින් ඉතා හොඳින් දැනගෙන හිටියා. ඇත්තටම ඔවුන් “බලය” කොයි වෙලේ හරි ඩැහැගන්න බලාගෙන දේශපාලනය කලාමනෙවෙයි. ඔවුන් එක්තරා මහත්මා දේශපාලනයක් වාමාංශික දේශපාලනය තුල ඉහලින්ම සලකුනු කලා. ඔවුන් පාර්ලිමේන්තුව තුල පවා ඉතා බුද්ධිමත් සංවාද පැවැත්තුවා. ධනපති නායකයින් පවා හොඳින් ආශ්‍රය කිරීමටත්, රටේ පොදු ගැටළු වලදී එක්ව මුහුණදීමටත් ඔවුනට හැකි උනා. එක භාෂාවක් නම් රටවල් දෙකක් වෙයි, භාෂා දෙකක් තිබුනොත් එක රටක් හැටියට තියෙයි කියලා භාෂා ප්‍රශ්නෙදි ඉතාම නිවැරදිව හිටගන්නත් ජාතිවාදයට යටනොවීමටත් ප්‍රභූ පෞරුෂයක් ඔවුන් තියාගත්තා.
ඉන්දියානු ව්‍යාප්තවාදය, රෝහණ විජේවීර සහ අපේ දේශපාලනය
නමුත් 1965 කාලය වනවිට මේ වාමාංශික ප්‍රභූ දේශපාලනය අවසන් කරමින් ලංකා භූමියේ හේන් ගොවියන්, රැකියා නොමැති තරුණයින්, සුළු ගොවියන්, ශිෂ්‍යයින් යන කම්කරුවන් නොවන කොටස් වලට නායකත්වය ලබාදෙමින් විජේවීරයන් විසින් ප්‍රභූවරුන් අතතිබූ වාමාංශික නායකත්වය නිර්ප්‍රභූකරණයට භාජනය කලා. මේතුල මේ ග්‍රාම්‍ය නිර්ප්‍රභූ ගොවි, ශිෂ්‍ය නායකයින් ඉතාම ඉක්මනින් කුමනහෝ අයුරකින් රාජ්‍ය බලය ඩැහැගැනීමේ දේශප්‍රේමී ක්‍රියාමාර්ග වලට අනුයුක්ත උනා. ඒතුල ඉතාම ඉක්මනින් සුළු ජනවාර්ගික කොටස් දෙස සැකයෙන් බැලීමට පටන්ගත්තා. උඩරට දමිල ප්‍රජාව පංති සටනට අයිති නැති අයලෙස එතනින් බැහැර කරලා “කල්ලතෝනි” බවට පත්කලා. ඒ වතුකරයේ වතුකම්කරු ජනතාව වෙනවිකල්ප නැතිතැන අන්ත ධනේශ්වර UNP සරණ ගියා. අවසානයේ මේ නිර්ප්‍රභූ වාමාංශික නායකයින් පංති සටන වෙනුවට “දේශප්‍රේමයේ”ම සරණ ගියා. ඒ තුල අවසානයේ ඉන්දියාව හතුරා කරගෙන ඇමරිකන් අධිරාජ්‍යවාදීන් පැමිණීමට කලින් ඉන්දියාව අපේ රට ගිලගන්න එනබවට වූ ප්‍රභල මතවාදයන් ගෙනෙමින් ඇසට-ඇස, කණට-කණ න්‍යායෙන් ඉතා බිහිසුනු භීෂණකාරී දේශපාලණයක් වාමාංශික දේශපාලනය වෙනුවට රූපාංතරණය කලා.
මේ ආකාරයට ලංකාවේ ධනේශ්වර ප්‍රභූ දේශපාලනය නිර්ප්‍රභූකරණය උනා වගේම වාමාංශික ප්‍රභූ දේශපාලනයද ගෙඩිපිටින්ම නිර්ප්‍රභූකරණය උනහැටි හොඳින් පැහැදිලිවෙන කරුණක්. (කරුණු හරියට බලන්න සූදානම් පමණක්නම්). මේ නිසා මා දකින ප්‍රධාන ගැටළුව ඇත්තේ දේශපාලනය තුල පැවති ප්‍රභූකරණය මෙසේ නිර්ප්‍රභූකරණය වීමයි. බොහෝ ගැටළු ගණනාවක්ම පැනනැගී ඇත්තේ එබැවිනි.
එසේම මේ වාමාංශික පාර්ශවයන් තුල මේ ප්‍රභූ දේශපාලනය නිර්ප්‍රභූකරණය වීමෙන් තවත් ගැටළු රාශියක් ඇතිවී ඇතිබවත් පෙනී යයි. විශේෂයෙන් එම පක්ෂ තුල පහල සාමාජිකයින් සහ ඉහල සාමාජිකයින් අතර විශාල සමාජ පරතරයක් වර්ධනයවී ඇතිබවක්ද පෙනී යයි. විශේෂයෙන් පාර්ලිමේන්තුවට පත්වන සහ පත්වූ අය සහ පහල පූර්ණකාලිකයා අතර විශාල සමාජ පරතරයක් දක්නට ඇත.
ඒ තත්වය ඇතිවූයේ ඔවුන් පාර්ලිමේන්තු ක්‍රමයට අවනතවී එහි නියෝජිතයන් බවට පත්වීමෙන් ඇතිවූ සමාජ පිලිගැනීම හරහාය.
ලෙස ජීවිකාවට කසිප්පු පෙරූ අයද, කෝච්චිවල මාල කැඩූ අයද, කුඩු විකුණූ අයද පසුකලෙක දක්ෂිණාංශික දේශපාලනයට යොමුවී ප්‍රාදේශීය දේශපාලනය හරහා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු ඊනියා ප්‍රභූන් බවට පත්වූ බොහෝ ගණනක් දැක්විය හැකිය. ඒ තත්වය ඇතිවූයේ ඔවුන් පාර්ලිමේන්තු ක්‍රමයට අවනතවී එහි නියෝජිතයන් බවට පත්වීමෙන් ඇතිවූ සමාජ පිලිගැනීම හරහාය.
එබැවින්මේ ප්‍රභූකරණය අත්වී ඇත්තේම මේ පවතින ධනේශ්වර ක්‍රමයේම ආයතනගතවීමෙන් පසුව මිස ඊට අභියෝග කිරීමෙන්ද නොවේ. තවද 1989 අරගල සමය තුලදී ඒ අරගලයේ ක්‍රියාධරයින් හට මෙසේ කිසිම ප්‍රභූ තත්වයක් භුක්ති විඳීමට ලැබුනේද? නැත. එහි නායකත්වය පවා මරා පුච්චන ලද්දේ ඔවුන් මේ ප්‍රභූකරණය අත් හල බැවිනි. එසේම මෑතක ඇතිවූ අරගලවල වලත් දක්නට ඇත්තේත් එකී අරගල කරුවන්ගේ නිර්ප්‍රභූ තත්වයන් සහ ඔවුන් පවත්නා ආයතනගත ක්‍රමයට එරෙහිවීමෙන් ඇතිවන්නා නිර්ප්‍රභූ තත්වයනුයි.
එබැවින් මේ ප්‍රභූකරණය ධනවාදය තුලත් ඊට පෙර පැවති වැඩවසම් යුග තුලත් ඊටත් වඩා අතීතයට යාමේදී පැවති රෝමන් අධිරාජ්‍ය තුලත් පැවතුන දෙයකි. තවමත් පවතින දෙයකි.
මාක්ස්වාදී අදහස් ගෙන පැමිණි කාල් මාක්ස්, එංගල්ස් වැන්නවුන්ද එකල ඉහල ප්‍රභූ මට්ටම්වල පවුල් පසුබිම් ඇතිව සිටි අයවේ.
එසේම එක්දහස් අටසිය ගණන්වල මාක්ස්වාදී අදහස් ගෙන පැමිණි කාල් මාක්ස්, එංගල්ස් වැන්නවුන්ද එකල ඉහල ප්‍රභූ මට්ටම්වල පවුල් පසුබිම් ඇතිව සිටි අයවේ. එසේම ඉන්පසු පරම්පරාවල සිටි ප්ලෙහනොව්, ලෙනින් ආදි අයට ඒ පැවති සමාජවල ප්‍රභූ මට්ටමේ පැවති පවුල් වල සිට පැමිණි අයවේ. ලෙනින් කිසිදා සිය ටයි කෝට් ඇඳ යුරෝපීය ඇඳුමින් සැරසී සිටියා මිස වෙනත් ඇඳුමින් සැරසී සිටිබවක් දක්නට නැත. ඒ ඔවුන් පවත්වාගෙන ගිය යම් ප්‍රභූ මට්ටමක් ඔවුන්වෙත තිබූ බැවිනි. එසේම ඔවුන් බොහෝ දෙනා පුද්ගලයින් ලෙස සිය ඥාණන සංතතියට තනි තනි ලෙසඇතුල් වූවා මිස රංචු ලෙස ඇතුල් වූ අයද නොවේ. රෙනී ඩෙකාර්ට්, ජෝන්ලොක්, ඩේවිඩ් රිකාඩෝ පමණක් නොව නීට්ෂේ පවා පුද්ගලයින් ලෙස සිය දැනුම වර්ධනයට ලක්කර ගත් අයයි. ඔවුන් තුල තිබූ වැඳගත් සහ ප්‍රධාන ලක්ෂණයක් නම් රංචු ස්වභාවයෙන් මිදීමට ඔවුනට තිබූ හැකියාවයි. එබැවින් සදාචාරයට මෙන්ම මේ ප්‍රභූකරණයටද යම් යම් පංති ස්වභාවයන් බලපානු ලැබේ.
සතුරා තම අතට පත්වූ පසු ඇඳුම් ඉරාදමා නිරුවත් කිරීම, කෙළ ගසමින් මුගුරු වලින් පන්න පන්නා පහර දීම ගෝත්‍රික ක්‍රමයේ මූලිකම ලක්ෂයක් මිස වෙනත් යමක් නොවේ.
එබැවින් කිසිවෙකුට මානසිකව සිතමින් පමණක් ප්‍රභූකරණය විය නොහැක. එය විශාල වශයෙන් නඩත්තු කරගෙන ආයුතු, පිලිපැදිය යුතු මෙන්ම අත්පත් කරගත යුතු තත්වයකි. නමුත් නිර්ප්‍රභූ තත්වය එසේ නොවේ. එය රංචු ස්වභාවයකි. වගකීම් විරහිත ස්වභාවයකි. පහල ආර්ථික සංතතියක් තුලදී මේ නිර්ප්‍රභූකරණය යම්කිසි ගෝත්‍රික ස්වරූපයක් ගැනීම නොවැලැක්විය හැකිය. පසුගිය ගෝඨාභය පැන්නීමේ අරගලය තුලදී ප්‍රකාශමාන උනේද එයයි. සතුරා තම අතට පත්වූ පසු ඇඳුම් ඉරාදමා නිරුවත් කිරීම, කෙළ ගසමින් මුගුරු වලින් පන්න පන්නා පහර දීම ගෝත්‍රික ක්‍රමයේ මූලිකම ලක්ෂයක් මිස වෙනත් යමක් නොවේ. තම අතට පත්වූ සතුරු පාර්ශ්වයේ කාන්තාවන්ට සැලකූ අයුරුද එසේම ජුගුප්සාජනක වේ. මේ තත්වය නිර්ප්‍රභූකරණය වීමේ ලක්ෂණ මිස ප්‍රභූකරණය වීමේ තත්වයක් නොවේ.
නිර්ප්‍රභූකරණය යනු අතිශය පාදඩකරනයකි. එය ප්‍රභූත්වයේ සිට ගමන් කරනුයේ දුගීකරණය හරහා ලුම්පන් තත්වයකට පමණි. අප රටේ සමාජය නැවත ප්‍රභූකරණය වීමේ තදබල අවශ්‍යතාවයක් ඇත්තේ එබැවිනි. එබැවින් කවුරුන්හෝ තමන් බලයට ගෙනඒමට වලිකන බලවේගයන් පැමිණිපසු රටේ දේශපාලනය “නිර්ප්‍රභූකරණයට”ලක් කරන බව පවසන්නේනම් එය හොඳ දෙයක් නොව අතිශය භයානක දෙයකි.
අප ලංකාවේ දේශපාලනය තුලදී මේ දක්වා වාමාංශික වේවා, දක්ෂිණාංශික වේවා වැඩිහරියක් අත්වින්දේ සහ පීඩාවින්දේ නිර්ප්‍රභූකරණය වුනු දේශපාලණය තුල සිදුවූ අගතීන් මිස ප්‍රභූකරණය වුනු දේශපාලනය තුල සිදුවූ ගැටළු වලින් නම් නොවේ. එසේම මේ නිර්ප්‍රභූ නායකයින් දේශපාලකයින් කුමන බලවේගවලින් කවුන්සලයට සම්ප්‍රාප්ත උනද ඔවුන් නිසැකවම ඊනියා ප්‍රභූවරුන් බවට පත්වීම හුදු කාලය පිළිබඳ ගැටළුවක් පමණක් බව ද මේ නිර්ප්‍රභූකරණය කරතබාගෙන යන දේශපාලන අතදරුවන්ට මතක්කරදීමටද කැමැත්තෙමි.
රංජන සේනානායක
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අධ්‍යයන කවය)
” 89- සහෝදරත්වය”
RN