එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනී!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට , එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීම, රට තුළට ඇතුලුවීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ආදී අංශයන්හි පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර ඇති අතර, මීට අමතරව වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවල සීමාවන් පිළිබඳ දක්වා තිබූ අවදානම ද ඉවත් කෙරෙනු ඇත.

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තුන්වන විශාලතම රට වන අතර, ජනවාරි 1 සිට මාර්තු 27 දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 53,928 ක් පැමිණ ඇත. යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනය මගින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට තවත් ශක්තියක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...