මීළඟ අප්‍රේල් විරු සමරුව තියන්නේ අපේම ආණ්ඩුවක් යටතේ – ජවිපෙ නලින්

1971 කැරැල්ලේදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිහිකෙරෙන “අප්‍රේල් විරු සමරුව” ලබන වසරේදී පවත්වන්නේ ජවිපෙ ප්‍රධාන ආණ්ඩුවක් යටතේ යැයි තමන්ට සහතික බව ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා පවසයි.

“ඔවුන්ට මේ තැනට ඇවිල්ලා මල් කළඹක් තැබීමෙන්, පහනක් පත්තු කිරීමෙන් පමණක් ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න බෑ. හැබැයි අපි සතුටු වෙනවා විශෙෂයෙන්ම ඔවුන්ගේ අරමුණ අපේ දෑස් ඉස්සරහා යතාර්ථයක් වෙන සමීපතම කාල පරිච්ඡේදයකට අපේ දේශපාලනය ගමන් කරලා තියෙනවා. මම හිතන්නෙ ලබන අවුරුද්ද වෙනකොට අපි ඔවුන්ව සමරන්නේ අපේම ආණ්ඩුවක් යටතේ කියලා අපට දැඩි විශ්වාසයක්, දැඩි සහතිකයක් අපි හැමදෙනාටම තියෙනවා”

නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) බද්දේගම ප්‍රදේශයේදී පැවති ජවිපෙ අප්‍රේල් විරු සමරුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...