ජවිපෙ එක්ක දේශපාලන ගමනක් යනවාද ? – සුමන්දිරන්ගෙන් පිළිතුරු

දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගන්නා ඕනෑම පක්ෂයක් සමග එක්ව ගමනක් යාමට තමන් සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

“අපි ඒ පක්ෂය පමණක් නෙවෙයි අපි කාත් එක්කත් එකතුවෙලා ගමනක් යන්න කැමතියි. අපේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගෙන ඒ වගේ ගමනක් යන්න ලෑස්ති වෙන කාත් එක්කත් අපි ඒ ගමනට සූදානම්”

ප්‍රශ්නය – ඔබතුමාලා එතකොට මීළඟ ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙනවා කියලා පොරොන්දු වෙලා නැද්ද ?

“නෑ, එහෙම පොරොන්දුවක් දීලා නෑ. කාටවත් අපි පොරොන්දුවක් දීලා නෑ”

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණත් එක්ක තවදුරටත් ඉදිරියේදීත් සාකච්ඡා කරනවාද මේ ගැන ?

“ජනතා විමුක්ති පෙරමුණ එක්ක විතරක් නෙවෙයි සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරිපත් වෙන කවුරු වුණත් ඒ ඉදිරිපත් වෙන අයත් එක්ක අපි සාකච්ඡා කරනවා තමයි”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැත්වූ රැස්වීමකට එම්. ඒ. සුමන්දිරන් මහතා ද සහභාගී වී සිටි අතර මාධ්‍යවේදීන් විමසා සිටියේ ඒ ගැන ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...