ජවිපෙ එක්ක දේශපාලන ගමනක් යනවාද ? – සුමන්දිරන්ගෙන් පිළිතුරු

දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගන්නා ඕනෑම පක්ෂයක් සමග එක්ව ගමනක් යාමට තමන් සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

“අපි ඒ පක්ෂය පමණක් නෙවෙයි අපි කාත් එක්කත් එකතුවෙලා ගමනක් යන්න කැමතියි. අපේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගෙන ඒ වගේ ගමනක් යන්න ලෑස්ති වෙන කාත් එක්කත් අපි ඒ ගමනට සූදානම්”

ප්‍රශ්නය – ඔබතුමාලා එතකොට මීළඟ ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙනවා කියලා පොරොන්දු වෙලා නැද්ද ?

“නෑ, එහෙම පොරොන්දුවක් දීලා නෑ. කාටවත් අපි පොරොන්දුවක් දීලා නෑ”

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණත් එක්ක තවදුරටත් ඉදිරියේදීත් සාකච්ඡා කරනවාද මේ ගැන ?

“ජනතා විමුක්ති පෙරමුණ එක්ක විතරක් නෙවෙයි සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරිපත් වෙන කවුරු වුණත් ඒ ඉදිරිපත් වෙන අයත් එක්ක අපි සාකච්ඡා කරනවා තමයි”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැත්වූ රැස්වීමකට එම්. ඒ. සුමන්දිරන් මහතා ද සහභාගී වී සිටි අතර මාධ්‍යවේදීන් විමසා සිටියේ ඒ ගැන ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...