ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් 131 වැනි ශාඛාව අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී විවෘත කෙරේ !

Date:

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය සහිතව ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 131 වැනි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව අප්‍රේල් 03 වනදා රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේදී විවෘත කෙරිණි.

ඒ, අයගම ශ්‍රී ගංගාරාම විහාරාධිපති රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අයගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය රඹුක්පොත ධම්මදින්න හිමිගේ හා ඩී.පී එඩියුකේෂන් මෙහෙයුම් කලමණාකාරිණී සඳුනිකා වනිගරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ අයගම ප්‍රාදේශීය ලේකම්වරයා සහ කොට්ඨාශයෙහි විදුහල්පතිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරයා, ග්‍රාමනිලධාරී මහත්ම මහත්මීන්, සමෘද්ධි නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙනි.

මෙම අයිටී කැම්පස් ශාඛාවේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 800 ක් වේ.

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යනු ලබන ඩීපී එඩියුකේෂන් වැඩසටහනට අනුබද්ධ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. සම්පූර්ණයෙන්ම රැකියා ඉලක්කගත පාඨමාලාවක් වශයෙන් මෙය හදාරණ තරුණ තරුණියන්ට තම ගම් ප්‍රදේශයේදීම තොරතුරු තාක්ෂණ රැකියාවල නිරත වීම සඳහා අවස්ථාව ලැබේ.

මේ වනවිට දිවයින පුරා විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක විවෘත කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සමස්ත සිසු සිසුවියන් සංඛ්‍යාව 122,000 කි. එමෙන්ම මෙම පරිගණක භාෂා පාඨමාලාව ඔන්ලයින් ක්‍රමයට හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 120,000 කි. ඒ අනුව මේ වනවිට සමස්ත සිසු සිසුවියෝ 242,000 ක් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ පරිගණක භාෂා පාඨමාලාව හදාරමින් සිටිති.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛා පිහිටුවීමට සැලසුම් කර තිබේ.

අනාගතයේදී ඉහළ වැටුප් ලබන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා ඔබේ දරුවාටත් මඟ විවර කරදීමට අදම ඔබේ දරුවාත් dpcode.lk ඔස්සේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන හා සම්බන්ධ කරවන්න.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...