සටහන – නිශ්මං රණසිංහ
අප්‍රේල් 08, කොළඹ (LNW): වසන්තය විඳගන්න නුවරඑළිය ට පැමිණෙන ජනතාව නිසා කාර්යබහුල මෙන්ම විනෝදකාහී වන නුවරඑළියට අප්‍රේල් මස 20 සිට 28 දක්වා ලංකාවේ ශ්‍රේණිගත කිරීම්වලට අයත් බැඩිමින්ටන් තරගාවලියක ආස්වාදය ලබා දෙන්නට ශ්‍රී ලංකා බැඩිමින්ටන් ආශිර්වාදය ඇතුව,ජාතික බැඩිමින්ටන් පිටියෙ ප්‍රගමනයට දායක වන අනුග්‍රාහකයින් සමඟ නුවරඑළිය දිස්ත්‍රික් බැඩිමින්ටන් පරිපාලකයෝ සූදානම් වෙමින් සිටිති.
නුවරඑළිය ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන මෙම තරගාවලිය සඳහා ඇතුළත්වීමට මේ වන විටත් ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් එක්ව සිටින අතර ශ්‍රී ලංකා බැඩිමින්ටන් හරහා මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඔබට අවස්තාව ඇත.එසේම මේ දක්වා තරගාවලියට ඉදිරිපත් වී නැතිනම්,වසන්තයට ලස්සන වී ඇති නුවරඑළියේ හැඩත් සමඟ බැඩිමින්ටන් උණුස්මට දායක වන්න අප්‍රේල් 10 වන දා දක්වා සහභාගි වන්නන්ට අයදුම්පත් ඉදරිපත් කිරීමේ අවස්ථාව ඇත.
